🍀 The storm 🍀

187 39 18
                                    

# 17th Phase #

Taehyung POV...

අහස පුරාම විහිදුනු අමුතු අළු පාට වලාකුළු දිහා බලපු මම එහෙමම මගෙ අත් ඔරලෝසුව දිහා බැලුවා. තාම උදේ නවය වෙලත් නැහැ. ඒත් අවට පරිසරය  හරියට හවස් වෙන්න ලඟයි වගේ පෙනුනා.

" අද වහින පාටක් තියෙන්නේ හ්යොන්ග්.." මම කියද්දි සෙජින් හ්යොන්ග් වීදුරුවෙන් එපිට බැලුවා.

" අද ඔයා මිස් සුන්හී එක්ක වැඩක් දාගෙනද තියෙන්නේ?" ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳපු හ්යොන්ග් ඇහුවේ වැදගත් දෙයක් නැත්නම් මම එච්චර කාලගුණය ගැන හිතපු කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා.  මම වීදුරුවෙන් එපිට බලලා යන්තම්  හිනාඋනා. මට මතක් උනේ අපි යන්න ඉන්න ඩේට් එක. එදාටත් මේ වගේම වහීවිද දන්නෙ නැහැ.

" තාම හිතලා නැහැ.. බලමු." මම කිව්වෙ මගේ සීට් එකට එහා පැත්තේ තිබුණු ෆයිල් ටික අතට ගන්න ගමන්. 

අද මම කම්පැනි එකට එද්දි ටිකක් පරක්කු උනා. මොකද කියනවනම් මේ සති අන්තයේ සුන්හී එක්ක යන්න හිතාගෙන ඉන්න ඩේට් එකට ඔක්කොම වේලාසන ලෑස්ති කරගන්න  මට ඕනි උනා. සෙජින් හ්යොන්ග්වත් ඇදගෙන උදේම ඒ වැඩ වලට පිටත් උනේ ඒකයි.

කාර් එක නවත්තපු ගමන් මම කෙලින්ම මගේ ප්‍රයිවෙට් ලිෆ්ට් එකට ගියා. ලිෆ්ට් එකෙන් එලියට එද්දිම මට මූණට හම්බවුණේ ජිමින්ව.

" ආහ් ටේ.. ඔයා වෙලාවට ආවේ.. මම මේ කෝල් කරන්න හැදුවා විතරයි. " ජිමින්ගෙ  මූණ එච්චර හොඳ නැහැ කියලා මට එයා දිහා බලපු ගමන් තේරුණා.

" මොකෝ ප්‍රශ්ණෙ?" කැබින් එක පැත්තට ඇවිදගෙන  යනගමන් මම ඇහුවා. 

" බෝඩ් මීටින් එකක්.." ජිමින් කියද්දි මම එහෙමම යන ගමන නැවත්තුවා.

" බෝඩ් මීටින්?? අප්පා මට එහෙම දෙයක් ගැන කිව්වෙ නැහැනෙ." මම වික්ෂිප්තව කියද්දි ජිමින්ගෙ ඇස් දෙකත් පුදුමෙන් ලොකු උනා.

" ඒකනෙ.. මම ඒත් හිතුවා. ඔයා දන්නවනම් අපිට නොකියා ඉන්නෙ නෑනෙ. අපිටත් අද උදේ කිව්වෙ ටේ.. අනික ඒක තියෙන්නේ මේන් බ්‍රාන්ච් එකෙත් නෙවෙයි. මෙහේ." ජිමින් කියද්දි මම ආපහු පුදුම උනා.

Lovely Stay || KTH || AUWhere stories live. Discover now