# 13th Phase #❗This is an AU. In no way shape or form are any of the characters a reflection on BTS' real personalities/mannerisms/orientations. The characters are entirely a work of fiction. ❗
Ji Ah POV...
" කියන්න තියෙන දේ ඉක්මණටම කියන්න.. මට පහළට යන්න ඕනි.." ටේගෙ රළු ඒ වගේම ගැඹුරු කටහඬ අපි ඉඳපු කාමරය පුරාම දෝංකාර දුන්නා..
එයාගෙන් ඇස් මුදවගත්ත මම මොකුත්ම නොකියා ලඟ තිබුනු කබඩ් එක ලඟට ගිහින් ලාච්චුව ඇරලා ඒකෙ තිබුණු දුඹුරු පාට ලියුම් කවරෙ එලියට ගත්තා. ආපහු ටේගෙ ලඟට ගිහින් මම ඒක එයා දිහාට දික් කරාම ටේ මගේ දිහා බැලුවෙ කුතුහලය මුසු බැල්මෙන්. එයත් මොකුත් නොකියා ඒක අතට අරගෙන ඉක්මණටම ඇතුලෙ තිබුණු ලියකිවිලි ටික එලියට ඇදලා ගත්තා. එයා ඒක කරේ හරිම කළබලෙන්. නොසන්සුන් බවෙන්.. එයාට ඒක ඇතුලෙ තියෙන දේවල් දැනගන්නකම් ඉවසිල්ලක් නැති පාටයි.. ඒ කොල ටික දිහා බලපු ටේගෙ මූණ ටික ටික අඳුරු වෙන දිහා මම බලාගෙන හිටියා.. මට එයා ගැන දුක නොහිතුනාම නෙවෙයි.
" ඔය තියෙන්නෙ ලඟදි ගත්ත රිපෝට් වගයක්.. "
".........."
"එයා හොඳින් නෙවෙයි ටේ.."
"..........."
" ඔයාට ඕනි මේ වෙලාවේ අපේ ඩිවෝස් එක ගැන කියලා එයාව තවත් ලෙඩ කරන්නද?" මම සන්සුන්ව අහද්දි ටේ එයාගෙ අතේ තියෙන කොල ටික තද කරගන්නවා පෙනුනා.. බලාගෙන ඉඳ්දි එයාගෙ මූණ වෙනස් උනා.. එයා තරහෙන්.. ගොඩක් තරහෙන්..
මම ආපහු කතා කරන්න හැදුවත් ඊට කලින් එක පාරටම එයාගෙ අත හරිම රළු විදියට මගෙ බෙල්වල වටේ එතුනා... මට හිතන්නවත් ඉඩ නොතියා මාව බිත්තිය ලඟටම තල්ලු කරගෙන ගියපු ටේ බිත්තියට තියලා මාව තද කරා.. මම දාගෙන ඉඳපු හීල්ස් සපත්තු දෙක තවදුරටත් බිම තියෙනවා මට දැනුනේ නැහැ. අපේ හුස්ම එකට වදින තරමට එයා මට ලං වෙලා හිටියේ.. මගේ බෙල්ලෙ ග්‍රහණය ටික ටික වැඩි වෙද්දි මට හුස්ම ගන්න අපහසු බවක් දැනුණා.. ටේගෙ කඳුළු පිරුණු රතු පාට ඇස් දෙක මාව දවලා අළු කරන්න පුළුවන් තරම් තරහෙන් පිරිලා තිබුණෙ.. රතු වෙච්ච එයාගෙ මූණ.. නහර ඉල්ලිප්පිලා තිබුණු බෙල්ල.. මේ හැමදේම ටේගෙ තරහා කොච්චරද කියලා මට පෙන්නුවා..
YOU ARE READING
Lovely Stay || KTH || AU
Fanfictionජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු...