🍀 Mistake 🍀

710 142 224
                                    

🍀 Lovely Stay 🍀

# 3rd Phase #

Taehyung POV.......

...................FLASHBACK...................
...................3 Years Ago...................

Continue....

අඳුරු කාමරය පුරාම නෙත් යවපු මට ඕනි උනේ ඉක්මණටම එතනට යන්න.. ඔව්.. මගේ ඔම්මාගෙ කටහඬ ඇහුණු පැත්තට මට දුවලා යන්න ඕනි උනා... ඒත් කවුරුහරි මෘදුව මගේ උරහිසින් අල්ලගෙන එක අතක් මගේ කම්මුලට තියාගෙන හිටියා..

" හජිමා.... යොගි ඉස්සෝ...." (don't.. stay here..) මාව අල්ලන් ඉඳපු කෙනා ගැඹුරු එහෙත් නිවුනු කටහඬකින් කියද්දි මට එතනින් යන්න හිත දුන්නෙත් නැහැ.. ඒත් මට ඔම්මා ලඟට යන්නත් ඕනි..

ඔම්මාගෙ කටහඬ වෙවුලනවා.. එයා ඉන්නෙ සතුටින් නෙවෙයි.. මට ඒක දැනුනා.. එයා අඬනවා.. මට එයාගෙ කඳුළු පිහිදාන්න ඕනි.. එයාගෙ හඬ එන්න එන්නම දැඩි වෙනවා වගේ.. ඒ වගේම තව කෙනෙක්ගෙ හඬකුත් ඔම්මාගෙ හඬත් එක්ක මිශ්‍ර වෙලා ඇහෙනවා.. ඒත් මට ඒ කටහඬ අඳුරගන්න බැහැ.. කවුද ඔම්මා එක්ක ඉන්නෙ??..

" ඔ..ම්මා....." ඔම්මාගෙ වේදනාබර හඬ ඇහෙද්දි මට ඉබේටම කියවුනා.. මගේ ඇස් කෙවෙනි වලින් බේරිලා ගියපු කඳුළු පේලි දෙකක් කම්මුල් සීතලට හරවමින් පහලට වැටුණා..

මම මගේ ඔලුව උස්සලා මාව අල්ලගෙන ඉඳපු කෙනා දිහා බැලුවත් මට එයාගෙ මූණ පැහැදිළිව පෙනුනෙ නැහැ.. මට එයාට කියන්න ඕනි උනේ මට ඔම්මා ලඟට යන්න දෙන්න කියලා.. ඒත් එක්කම වගේ අපිට ටිකක් ඈතින් ඇහුන රණ්ඩුව උත්සන්න උනා... මට තවත් බලාගෙන ඉන්න බැහැ.. මම ඔම්මා ලඟට යන්න ඕනි... මාව අල්ලගෙන ඉඳපු කෙනාගෙ ග්‍රහනණයෙන් මිඳුන මම එක පිම්මට ඔම්මා ඉඳපු පැත්තට දුවගෙන ගියා..

ඒත් මම එතනට ලංවෙනකොටම මගේ කන බීරී කරවන තරම් ලොකු සද්දයක් ඇහුණා.. එක තැනම නැවතුන මම ඉබේටම මගේ අත් දෙකෙන් කන් දෙක වහගත්තත් කන ඇතුළෙන් ඇහුන කීන් ගාන සද්දය නැවතුනේ නැහැ.. හිත එක තැනකට ගන්න උත්සාහ කරපු මම හිමි හිමින් ඇසිපිය ගැහුවෙ මගේ ඉස්සරහ සිද්දවෙන දේවල් හරිම හිමිහිට සිද්ද උන නිසා..

ඔම්මා හිමිහිට බිමට ඇදගෙන වැටෙද්දි තවත් කලුපාට රූපයක් ඔම්මා ඉන්න තැනට ලං වුනා.. මට ඔම්මා ලඟට යන්න ඕනි උනත් මගේ කකුල් දෙකම ඒ වෙලාවේ ලොක් වෙලා වගේ තිබුණෙ.. මගේ දිහාට එල්ලවෙලා තිබුණු ඔම්මාගෙ වේදනාබර දෑස කඳුළින් බර වෙලා තිබුණා..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now