🍀 I ( don't)Want You 🍀

944 151 522
                                    

🍀 Lovely Stay 🍀

# 7th Phase #

Taehyung POV...........

" උරි.. ඉවොන්හජා.." ( let's divorce)

......................

" ම්වෝ???" (What?)

......................

" ඉවොන්හජා... උරි..." ( let's divorce )

.......................

" ටේ.... ඔ.. ඔයා විහිලු කරනවාද මට?" ජිආගෙ කටහඬ වෙවුලනවා.. මම එයා දිහා බැලුවේ නැහැ.  මොනවා උනත් මමත් හිටියෙ වරදකාරී හැඟීමකින්.. මම හිතුවෙ නැහැ මේ දේ කියන්න මට මෙච්චර අමාරු වෙයි කියලා..

" ඔයාට පේන්නෙ මම විහිළු කරනවා වගේද?" මම ටිකක් සැරෙන් අහද්දි ජිආ ටිකක් සන්සුන් උනා..

" එතකොට මේ හැමදේම ඒ නිසාද?" ටික වෙලාවක් නිහඬව ඉඳපු ජිආ ඇහුවේ හඬ බාල කරලා වගේ.. මම ඔව් කියන්න ඔලුව වැනුවා විතරයි...

" ම..මං හිතුවෙ ඔයා මාත් එක්ක හොඳින් ඉන්න හිත හදාගෙන කියලා.." ජිආ ඒ ටික කිව්වෙ ඇහෙන නෑහෙන ගානට උනත් මට ඇහුනා.. මට සමච්චල් හිනාවක් ගියේ ඉබේටමයි..

" හොඳින් ඉන්න??? ඔයත් එක්ක??? හ්හ : මිච්චිගෙත්තා.." (crazy) එයාට ඕනි මාත් එක්ක හොඳින් ඉන්නද එහෙනම්.. ඒත් ඒකට ඔයා පරක්කු වැඩියි ජිආ..

" ඔයා හරියට කතා කරන්නෙ මැරිලා ඉපදුනා වගේනෙ ජිආ... මතක නැද්ද ඔයාට?? නැත්නම් මම මතක් කරලා දෙන්න ඕනිද?? මහ රෑ කලබ් ගානෙ ගිහින් එනකම් මම මගබලාගෙන ඉඳපු හැටි.. ඔයා කරපු නොසන්ඩාල වැඩ හැමදේම දරාගෙන හොඳින් ඉන්න උත්සාහ කරපු හැටි. මතකද ඒවා??. ඒ කාලේ කොහෙද ඔයා හිටියේ?? දැන්ද හොඳින් ඉන්න ඕනි කියලා ඔයාට මතක් උනේ.." ලඟ තිබුණු මෙනු කාඩ් එක අරගෙන මේසෙට දමලා ගහපු මම තදින් මගේ නළල මිරිකගත්තා..

හැමදේම විනාස වෙන තැනට වැඩ කරලා ඉවර වෙලා මොකුත් නොදන්න ගානට හැසිරෙන එක ජිආට හොඳට පුරුදුයි කියලා මම දන්නවා.. මම තවදුරටත් එයාගෙ මායම් වලට අහුවෙන්නෙ නැහැ..

" හේතුව??? මට හේතුව දැනගන්න ඕනි.." ජිආ ආපහු කියද්දි මගේ ඉවසීමේ සීමාව හොඳටම පැන්නා. වෙන් වෙන්න මේ තරම් හේතු ගොඩක් තියෙද්දි එයා මගෙන් හේතු අහනවා..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now