🍀 The Game 🍀

261 40 8
                                    

# 18th Phase #

Taehyung POV...

" ටේ... ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ..."

ජිආගෙ කටින් පිට උන ඒ වචන මට ඇහුනෙ හරියට හීනෙන් වගේ.. මම ඇස් දෙක  ලොකු කරගෙන අප්පා දිහා බැලුවා.  එයාගෙ ඇස් වල දැනටමත් සතුටු කඳුළු පිරිලා.. මම මගේ වේලුනු තොල් දිවෙන් තෙමාගන්න ගමන්  වටපිට බැලුවා. හැමෝම අපි දිහා බලාගෙන  අත්පොඩි ගහනවා... කසුකුසුව අතරින්  අපිට සුබපැතුම් ගලාගෙන එද්දි  ජිආ හෙමිහිට ලඟට ඇවිත් මගෙ පපුවට තුරුළු උනා. එයාගෙ උණුසුම් අත මගෙ පපුවෙ සියුම්ව ස්පර්ශ උනා.. මම මේ වෙන කිසිම දේකට කැමති නැහැ. මම කැමති නැහැ ජිආ මාව මේ විදියට අල්ලනවට. මට දැනුනෙ මම දැන දැනම සුන්හීට වරදක් කරනවා කියලා. ඒත් මම අසරණ හැඟීමෙන් ඔහේ බලාගෙන හිටියා විතරයි.. මට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නැහැ. අපි දිහා බලාගෙන ඉඳපු අවට පිරිස නිසා මම ජිආගෙ ඉණවටේ අත යවලා තව ටිකක් එයාව මට ලං කරගත්තා. මට දැනුනෙ පිළිකුලක්..

" කු...මාවෝ... ජිආ.." මම ඒ වචන ටික කිව්වෙ පුදුම ආයාසයකින්. මගේ ඇස් දිහා බලපු ජිආ කට කොනකින් හිනා උනා. සමහරවිට එයා දකින්න ඇති මගෙ ඇස්වල දකින්න තිබුණ තරහා...වේදනාව...

පාර්ටි එකට ඇවිත් ඉඳපු හැමෝම අපිට සුබ පැතුවා. ඒ නිසා මට ජිආගෙන් ඈත්වෙන්න අවස්ථාවක් නොලැබුණ තරම්.. මගෙ එක අතක් එයාගෙ සිහින් ඉණේ රැඳිලා තිබුණා. ජිආ වෙන කවරදාටත් වඩා අද හරිම සතුටින් හිනා උනා.. මම හිටියේ මවාගත්ත හිනාවකින්. අප්පත් වෙනදා නැති තරමේ සතුටකින් ඉන්නවා දකිද්දි මට එයා ගැන දුක හිතුනා.. එයා ජිආ ගැන හරිහැටි නොදැන ජිආගෙ මායම් වලට රැවටිලා ඉන්නෙ. අනිත් අතට ගත්තම ජිආ ගැන දැනගෙන හිටියත් අපිට කරන්න කිසිම දෙයක් නැහැ නේද කියලා මට මතක් උනා. ජිආගෙ කපටිකම් දැනගෙනත් මම එයාගෙ රූකඩයක් වෙලා ඉවරයි. ඉතින් අප්පා ගැන තව කතා කරන්න දෙයක් නැහැ.

ටික ටික රෑ වෙද්දි මට ඇඟටයි හිතටයි දෙකටම දැනුන මහන්සිය වැඩි උනා. මට දැන් ඕනි උනේ මගේ පියවි සිහිය නැති කරගන්න. මට තව දුරටත් සිහියෙන් ඉන්න ඕනි උනේ නැහැ. ඔක්කොටම කලින් ජිආට දෙකක් කතා කරන්න මට ඕනි උනා.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 26, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Lovely Stay || KTH || AUWhere stories live. Discover now