🍀 Hope 🍀

617 132 320
                                    

🍀 Lovely Stay 🍀

# 4th Phase #

Taehyung POV...

අවුරුදු තුනක්.. ඔව් ජිආගෙයි මගෙයි සරුවපිත්තල විවාහයට දැනට අවුරුදු තුනක්.. ලෝකයක් මාව දකින්නෙ රූමත් බිරිඳක් ඉන්න සල්ලි කන්දරාවක් තියෙන ලෝකෙ වාසනාවන්තම පිරිමියා විදියට.. මාව වටකරගත්ත ඉරිසියාකාර ඇස් දිහා බැලුවම මට හිතෙන්නෙම හයියෙන් හිනා වෙන්න.. ඔව්.. පිටතින් බලලා හැමදේම විනිශ්චය කරන මේ මෝඩ මිනිස්සුන්ට හිනාවෙන්න මට පුළුවන් උනානම්.. ඒ කාටවත් මගෙ කඳුළු පේන්නෙ නැහැ.. ඒ කාටවත් මගේ හදවතේ වේදනාව දැනෙන්නෙ නැහැ.. ඒ කාටවත් මගේ තනිකම පෙනුනෙ නැහැ.. ඒ හැමදේම මේ සරුවපිත්තල ලෝකයෙන් වැහිලා තියෙන්නේ.. හරියට මායාවක් වගේ..

ඔව් මම පිලිගන්නවා මම මගේ ජීවිතේ මෝඩම තීරණය ගත්තා ජිආව මගේ බිරිඳ කරගෙන.. ඒත් විශ්වාස කරනවාද?? මේ මෝඩයා මේ හැමදේම හරියාවි කියලා කාලයට ඉඩ දීලත් බලන් හිටියා කියලා.. ඔව් ජිආ වෙනස් වෙනකම් මම බලාගෙන හිටියා.. මගේ වටා තියෙන මේ සරුවපිත්තල ලෝකෙට නැතුව මගේ මේ තනිවුනු හදවතට ජිආ ආදරේ කරාවි කියලා මම බලාපොරොත්තු උනා.. ඒත් ඒ හැම හීනයක්ම මගේ ඉස්සරහ දියවෙලා ගියේ හරියට ග්‍රීස්ම කාලෙට අහුඋන හිමි පියල්ලක් වගේ..

ජිආ මට වඩා සල්ලි වලට ආදරේ කරා... තිත්ත උනත් ඇත්ත ඒක... එයාට බාර දීපු බිස්නස් එයා පාලනය කරන්න පටන් ගත්තෙ හරියට අවුරුදු ගානක් බිස්නස් ෆීල්ඩ් එකේ ඉඳලා පලපුරුදු කෙනෙක් වගේ.. අනිත් පැත්තට එයාගේ ෆැන්සි ලයිෆ් එකට හිතුන හිතුන විදියට සල්ලි විසි කරන්නත් එයා මැලි උනේ නැහැ.. ක්ලබ් පාර්ටි, ෂොපින්ග්, ගැදරින්ග්, ෆැමිලි මීටින් අතරෙ එන්න එන්නම මම අදෘශ්‍යමාන කෙනෙක් උනා.. මුලදි මුලදි ජිආගෙ බල කිරීමට මම ඒවට ගියත් කාලයත් එක්ක මම ඒවාට නොයා ඉන්න තීරණය කලා.  එහෙමයි කියලා ජිආ දශමයක්වත් වෙනස් උනේ නැහැ..වෙලාවකට මට හිතෙනවා ජිආ කියන්නෙ ආදරයක නාමයක්වත් අහපු නැති කෙනෙක්දෝ කියලා.. ඒ තරමට එයා හැඟීමක් දැනීමක් නැති විදියටයි එයා හැසිරුනේ..

එදා හනිමූන් එකෙන් පස්සේ එයා මට ආපහු ලං වෙන්න හදපු අවස්ථා ඕනිතරම් තිබුණා.. එයාට ඕනි උනේ හුදෙක් ශරීර අවශ්‍යතා සපුරගන්න විතරයි කියලා මට තේරුණා...ඒ හැමදේම මාව ජිආගෙන් තව තවත් ඈත් කලා කිව්වොත් හරි... සමහර වෙලාවට මට හිතුනා මම මේ කරපු දේ නිසා මගේ ජීවිතය විතරක් නෙවෙයි ජිආගෙ ජීවිතෙත් මම විනාස කරා නේද කියලා.. ඒත් මගේ ඉස්සරහ සතුටින් ඉපිලෙමින් එයාගේ ලෝකෙ ජිවත් උන ජිආව දැක්කම මම ඒ අදහස අත්හැරියා.. ජිආ සතුටින්... මට ඒක මගේ ඇස් පනාපිටම පේන්න තියෙනවා.. අන්තිමට තනිකමෙනුත් තනිකමට වැටුනෙ මම විතරයි..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now