🍀 Sparkles 🍀

478 96 79
                                    


# 12th Phase #

❗This is an AU. In no way shape or form are any of the characters a reflection on BTS' real personalities/mannerisms/orientations. The characters are entirely a work of fiction. ❗

Taehyung POV...

" කෝ මිනිහා එනවද?? " මම ඇහුවෙ ඔරලෝසුව දිහා බලනගමන්..

" ජිමිනා එක්කන් ඒවි.." හෝසොක් හ්යොන්ග් කියනකොටම වගේ මගෙ කැබින් එකේ දොරෙන් ජිමිනා ඇතුළට ආවා. එයාගෙ පිටි පැත්තෙන් ආවෙ මට ඕන කරන කෙනා..

" ඔයා....??? ඔයා අපේ අලුත් internship වලට ආපු කෙනා නේද?" ඇතුළට ආපු ගමන් අර මනුස්සයා කිව්වෙ මගෙ දිහාට ඇඟිල්ලක් දිගු කරනගමන්..

" චී.. චී.. චී.. තමන්ගේ බොස්ට ඔහොමද කතා කරන්නෙ?" කුකී හිනාවෙවී කියද්දි ඒ මනුස්සයාගෙ කට බාගෙට ඇරුනා..

" මොකක්?? බොස්??? මෙයා කොහොමද අනේ බොස් වෙන්නෙ.. මොකද්ද මෙතන වෙන්නෙ?" කලබලෙන් වගේ වටපිට බලපු මිනිහා කියද්දි මම සීට් එකෙන් නැඟිටලා ඇවිත් මේසෙට හේත්තුවෙලා මගේ අත් දෙක කලිසමේ සාක්කුවට දාගත්තා.. මම මොහොතකටවත් මගේ ඇස් මිනිහාගෙ ඇස් වලින් මුදවගත්තෙ නැහැ.

" අපිටත් ඒකම තමා ඔයාගෙන් අහන්න තියෙන්නේ මිස්ටර් ලී හන්.. මොකක්ද ඇත්තටම මෙතන වෙන්නෙ?.. කවදා ඉඳන් ද ඔයා අපේ company එකේ රහස් එලියට දෙන්න පටන් ගත්තෙ? ඔයාට ඒකට කොච්චර ගතමනාවක් ලැබුණද? මේ වගේ ප්‍රශ්ණ ගොඩයි.. මම මේ ප්‍රශ්න අහන්න කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ?" මම පාච්චලයට වගේ හිනා වෙවී අහද්දි මිනිහාගෙ මූණ සුදුමැළි වෙලා ගියා..

" මො... මොනව..ද මේ.. කි..කියන්නෙ.."  මිනිහා අඩියෙන් අඩියට පස්සට යද්දි ජිමින් දොර වහලා ලොක් කරලා දැම්මා.

" බය වෙන්න එපා ලී හන්.. මේ වෙනකොටත් ඔයාට ඔයාගෙ ජොබ් එක නැති වෙලා ඉවරයි. මෙතනින් පැනලා ගියා කියලා ඔයාට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා  නිවීහැනහිල්ලෙ මේක බලලා ඉන්නකො.." කුකී එයාගෙ අතේ තිබුණු ෆයිල් එක මිනිහා දිහාට දික් කරාම වෙව්ලන දෑතින් ඒක අතට ගත්ත ලී හන් ෆයිල් එකේ පිටු එකින් එක පෙරල පෙරල බලන්න පටන් ගත්තා..

" ජිමින් හ්යොන්ග්.. heat එක off කරලා AC දාන්න.. මෙයාට හොඳටම දාඩිය දාලා.." කුකී කිව්වෙ හිනාවෙනගමන්..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now