🍀 Perception 🍀

1.2K 175 240
                                    

🍀 Lovely Stay 🍀

# 1st Phase #

Taehyung POV....

හැන්දෑව උණුසුම් උනාට මගේ කෙහෙරැලි සිඹිමින් ගලාගෙන ගියපු හුළඟ මට ගෙනාවෙ නැවුම් සීතලක්.. මට තිබුණෙ තව අඩියක් ඉහලට ගන්න විතරයි.. ඊට පස්සේ මාව පහලින් තිබුණු දිය රැළි අතර සැඟවිලා යාවී.. මගේ කට කොනකට හිනාවක් එද්දි මම කලේ මගේ පෙනහළු පිරෙන්න හොඳ හුස්මක් ගත්ත එක.. මේ මම  ගන්න අවසන් හුස්මද?? ඉබේටම මගේ ඇස් පියවුණා..

මට ආපහු හිතන්න ඕනි නැහැ.. මම මෙතනට ආව හේතුව, මගේ අතීතය, වර්තමානය, එතකොට අනාගතය.. මේ කිසිම දෙයක් ගැන මට හිතන්න ඕනි නැහැ.. ඇත්තටම මට දැන් මහන්සියි.. ගොඩක් මහන්සියි.. මට ඕනි මේ හැමදේම මෙතනින් ඉවරයක් කරලා දාන්න... සැනසීමක් ලබන්න..

මගේ හිත මේ වෙලාවේ හිස් කඩදාසියක් වගේ සිතුවිලි මකලා දාන්න තිබුණානම්.. මට මේ වැඩේ ලේසි වෙන්න තිබුණා... මම තවත් ගැඹුරු හුස්මක් ගත්තා.. අවටින් ඇහුනෙ හුළඟ හමාගෙන යන සද්දයත් පහලින් ගං රැළි ඇවිත් ගල්පර වල වදින සද්දයත් විතරයි.. හිතට සැනසීමයි මේ නිස්කලංක බව...

පාලම් වැටෙන් අල්ලගෙන සීරුවට එක කකුලක් උඩට තියාගෙන ඉඳපු මම හිමිහිට මගේ අනිත් කකුලත් උඩට ගන්න හැදුවා විතරයි කෙල්ලෙක් කෑ ගහගෙන මේ පැත්තට දුවගෙන ආවා.. 'ආයිෂ්!!! මගේ වෙලාවනම් අන්තිම නරකයි වගේ..' මම හිතුවෙ ඒ පැත්තට මගෙ ඇස් යොමු කරන ගමන්..

"  බොමියා... ත්විජි මා!!!! යොගිසො මොම්චෝ!!!! ආහ්. මිච්චිගෙත්තා..." (Bo Mi don't run.. stop right here.. it's crazy..) මේ කෙල්ලගෙ කෑ ගැහිල්ලට මෙතන තිබුණු නිස්කලංක බව කොහේ ගියාද නැහැ..

හුස්මක් හෙලපු මම පාලම් වැටෙන් බිමට බැස්සා.. දම්වැලත් එක්ක දුවන පුංචි බූල් බල්ලෙක් පස්සේ පන්නගෙන ආපු කෙල්ල කෑ ගහන සද්දෙට මගේ කනත් එක්ක කීං ගෑවා.. 'බල්ලා දුවන එක අහන්න දෙයක් නැහැ.. ඒ කටේ සද්දෙට..'

මම එහෙම හිතුවා විතරයි බල්ලායි ඒ පස්සෙන් දුවන් ආපු කෙල්ලයි දෙන්නම  එක පාරටම ප්‍රධාන පාරට පැන්නෙ මට හිතන්නවත් ඉඩ නොතියා. ඒ වෙලාවෙම වගේ දකුණු පැත්තේ ආපු ලොරියෙ හෝන් හඬ ඇහෙද්දි මගෙ කකුල් දෙක ඉබේටම ක්‍රියාත්මක උනා..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now