🍀 Blooming Love🍀

423 103 217
                                    

# 11th Phase #

❗This is an AU. In no way shape or form are any of the characters a reflection on BTS' real personalities/mannerisms/orientations. The characters are entirely a work of fiction. ❗

Unknown POV....

" දරුවට කිසිම බරපතල දෙයක් වෙලා නැහැ නේද doctor?" මම ඇහුවෙ පුංචි ටෙඩියෙක් තියාගෙන සෙල්ලම් කරමින් ඉඳපු සෝයා දිහා බලාගෙන.. එයා එයාගෙ ඔම්මාගෙ අතින් හෙලවුනේවත් නැහැ..

" කිසිම ප්‍රශ්ණයක් නැහැ දරුවට.. බයවෙන්න එපා.. ඒ වෙලාවේ ඇති වෙච්ච කම්පනය සහ බය නිසා තමා දරුවා සිහි නැතිවෙලා තියෙන්නේ..

සෝයා මාව  හමුවෙන්න පාර මාරු වෙලා  බීච් එක පැත්තට දුවගෙන එද්දි වේගෙන් ගියපු වෑන් එකකට හැප්පෙන්න ගිහින් තිබුණා.. වාහනය දරුවාගෙ නොගැටි අයිනකට කරගන්න ඩ්‍රයිවර් සමත් උනත් සෝයාට පාර මැදම සිහි නැතිවෙලා තිබුණා. මම එතනට යනකොටත් සෝයාගෙ ඔම්මා කියලා හිතන්න පුළුවන් කෙනෙක් සෝයාව තුරුළුකරගෙන අඬමින් හිටියෙ. ඒ වෙලාවේම මම චොන්සු එක්ක සෝයාව හොස්පිට්ල් එකට අරගෙන අවා..

සෝයාගෙ ඔම්මා දිහා බලපු මම යන්තමට හිනාවුනා.. කාරුණික ශෝභාසම්පන්න මුහුණක් තිබුණු තරුණ ගැහැණු දරුවා මාත් සමඟ මිත්‍රශීලී විදියට සිනහවුනා..

" සෝයා... එන්න හරබෝජි (grandfather)ලඟට.. ඔම්මාට මහන්සි ඇති ඔයාව වඩාගෙන  ඉඳලා.. මම කිව්වෙ මගේ දෑතම එයා දිහාට දිගු කරන ගමන්. මුලින්ම සෝයා ටිකක් අදිමදි කරත් ටිකකින් එයා මගෙ අතට ආවා. අපි හෙමිහිට රෝහල් කොරිඩෝව දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා..

" ඔයා චුට්ටක්වත් බර නැහැ.. හොඳට කන්න ඕනි ඔයා හොඳද.." මම කියද්දි සෝයා හුරුබුහුටි විදියට හිනා උනා..

" මට තේරෙන්නේ නැහැ මම සර්ට කොහොම ස්තුති කරන්නද කියලා.. ඒ වෙලාවේ ඔබතුමා මට ලොකු උදව්වක් කලේ.." සෝයාගෙ ඔම්මා කිව්වෙ සෝයාගෙ ඔලුව ආදරෙන් අතගාන ගමන්..

" මට ස්තූති කරන්න ඕනි නැහැ දුව.. ඔයා හොඳින් නේද?" මම ඇහුවේ ඇගේ ඉදිරියට නෙරා ඇති කුස දිහා බලමින්.. ඇය ඉන්න තත්වය එක්ක බලද්දි මේ සිදුවීම ඇයට ලොකු කම්පනයක් ගෙන්න ඇති..

" මං..හොඳි....."

" මගෙ දරුවගෙන් අහකට වෙනවා...!!!!!!!!!" එක පාරටම ඇහුන පිරිමි කටහඬ නිසා මම, සෝයා, චොන්සු ඒ වගේම සෝයාගෙ ඔම්මත් ගැස්සිලා ගියා.. අපි ලඟට ආපු පිරිමි කෙනා මගෙ අතේ ඉඳපු සෝයාව ඇඳලා එයාගෙ ලඟට ගනිද්දි තමා මම හරියටම එයාගේ මූණ දැක්කෙ..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now