🍀 Calm before the storm 2🍀

362 71 25
                                    

# 16th Phase #

Sun Hee POV...


" දැන්  මට කියනවා කවදා ඉඳන්ද ඔය සම්බන්ධය පටන් ගත්තෙ?"

මින්ජුන් ඔප්පා ඇහුවෙ මම වොෂ් රූම් එකෙන් එලියට එනකොටමයි. මෙයා තාම ගෙදර ගියේ නැද්ද? ඔෆිස් ඇරිලා මග දිගට එනකම් එයා ඇහුව එකම ප්‍රශ්නය ඕක විතරයි.

" ආහ්.. මට බඩගිනි වගේ.." මම මින්ජුන් ඔප්පාව ගණන් නොගෙන කුස්සිය පැත්තට ගියා. ටිකක් අගේ කරන්න ඕනි. චුන්හී ඔන්නිගෙ නංගි ගැනත් මට හංගනවනෙ මෙයා.

" සුන්හී... මම ඔයාගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා.... ඉන්නවකො මම මේ ගැන හ්යොන්ග්ට කියනවා......." ඒක ඇහුනගමන් මම මින්ජුන් ඔප්පා ලඟට ඊතල වේගෙන් දුවගෙන ගියා..

" ඔප්පා... අපේ  ඔප්පාට දැන්ම මේ ගැන කියන්න එපා චෙබල්යෝ.. (please) ටේහ්යොන්ග් ෂීට ගුටි කන්න වෙනවා එහෙම උනොත්.." මම හුරතල් මූණක් හදාගෙන අත් දෙක එකතු කරලා එයාට බැගෑපත් උනා.

"එහෙනම් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.." ඔප්පා තරහෙන් කියද්දි මම ඉක්මණටම ඔලුව වැනුවා.

"ඉතින් අහන්න.." මම කිව්වෙ ඔප්පා ලඟ බිමින් වාඩි වෙනගමන්.

" කවද්ද මේක පටන් ගත්තෙ?"

" දැන් කොච්චරකල් වෙනවද?"

"තමුසෙලා දෙන්නා කොච්චර දුර ගිහින් තියෙනවද?"

" චක්කාම්මන්.. (wait) ඔප්පා...!!! එක එක අහන්නකෝ.." මම මූණ බෙරි කරගෙන කිව්වා.

" ඔය හුරතල් මූණට මම අහුවෙන්නෙ නෑ. උත්තර දෙනවා දැන්ම!!!!" ඔප්පා කෑ ගැහුවෙ අල්ලපු ගෙදරටත් ඇහෙන්න වගේ..

" අරස්සයෝ... (ok) අපි.. දැන් මාස තුන හතරක ඉඳන්.." මම බිම බලාගෙන හිමිහිට කිව්වා. මට දැනුණෙ මගෙ කම්මුල් රතු  වෙනවා වගේ හැඟීමක්.. අයිගෝ.. මට මේ තරම් ලැජ්ජ හිතිලා නෑ කවදාවත්..

" ඒ කියන්නේ එදා.!!! එදා අලුත් අවුරුද්ද ලබන දවසෙ හන් ගඟ ගාව ඔය දෙන්නා???!!!! යාහ්...!!!!!! මට ඔය ටේහ්යොන්ග් කියන හාදයාව හම්බවෙන්න ඕනි මේ දැන්ම...!!!" ඔප්පා නැඟිටින්න හදද්දි මම එයාව අතින් අල්ලගෙන නැවැත්තුවා.

" යාහ් ඔප්පා... ඕනවට වඩා දඟලන්නේ නැතුව ඉන්නවකො ඉතුරු ටික කියනකම්. " මම සැර දැම්මට පස්සෙ ඔප්පා උගුරත් පාදලා ආපහු ඉඳගත්තා..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now