🍀 Love Sick 🍀

654 124 539
                                    

🍀 Lovely Stay 🍀

# 6th Phase #

Jimin POV....

"හ්යොන්ග්... මේකා මොකද මේ ආපු වෙලාවේ ඉඳලා ඔටුවෙක් වගේ හිනා වෙන්නෙ?? " මම කිව්වෙ ඇඟිල්ලක නියපොත්තක් හප හප හිනාවෙන ටේහ්යොන්ග් දිහා බලාගෙන.

"ම්.. අනේ මන්දා ජිමිනා මටත් හිතාගන්න බැහැ. දැන් අපි දෙන්නා මෙතන ඉන්නේ කීයෙ ඉඳලද?? මාත් මේ හේතුවක් හිතාගන්න බැරුව ඉන්නේ. " හෝසොක්  හ්යොන්ග් කිව්වෙ එයාගෙ අතේ තියෙන ෆයිල් එක මේසෙ උඩින් තියනගමන්.. හෝසොක් හ්යොන්ග්  ටේහ්යොන්ග් දිහා බැලුවත් ටේහ්යොන්ග් තාමත් හිටියේ එයාගෙ මනෝ ලෝකෙට වෙලා. අඩුතරමින් අපි දෙන්නා එයාගෙ ඉස්සරහ ඉන්නවද කියලවත් ටේහ්යොන්ග්ට ගාණක් තිබුණෙ නැති පාටයි. ඒ අතර නියපොත්තකුත් හප හප හිටිය ටේහ්යොන්ග් එකපාරටම තනියම හිනාවුනා. මායි හෝසොක් හ්යොන්ග්නුයි මූණට මූණ බලාගත්තෙ ඉබේටමයි..

අද උදේම ඔෆිස් එකට දුවගෙන ආපු ටේහ්යොන්ග්ගෙ ලොකු වෙනසක් මම දැක්කා.. වෙනදට ටේහ්යොන්ග්ගෙ මූණෙ තිබුණෙ විඩාබර ගතියක්.. එයාගෙ මූණෙ හිනාවක් දකිනවා කියන එකත් හීනයක්වුනා අපිට.

ඒත් අද උදේම ඔෆිස් එකට ආපු ටේහ්යොන්ග්ගෙ මූණෙ තිබුණෙ අපි දකින්න ආස කරපු අපි එයාගෙන් දකින්න පෙරුම් පුරපු එයාගෙ පරණ පුරුදු  හිනාව. ඒ හිනාව පිටිපැත්තෙ ලොකු හේතුවක් ඇති කියලා මට හිතෙනවා..

ටේහ්යොන්ග්ගෙ ජීවිතේ ගෙවුන විදිය ගැන අපි දෙන්නා හොඳටම දන්නවා. ඒ ගැන අපි ගොඩක් දුක් උනා වගේම ටේහ්යොන්ග් වෙනුවෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්නත් අපි දෙන්නා බැඳිලා හිටියා.. බිස්නස් කරන්න කලින් යාළුවො විදියට ටේහ්යොන්ග් එක්ක අපිට තිබුණ බැඳීමත් හරිම ශක්තිමත්.. ඒ නිසාම ටේහ්යොන්ග්ගෙ සතුට වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න මම ඒ වගේම හෝසොක් හ්යොන්ග් පසුබට වෙන්නෙ නැහැ.. අද ටේහ්යොන්ග් මේ විදියට හිනාවෙලා ඉන්නකොට මට දැනුණේ පුදුමාකාර සතුටක්.. ඒ වගේම ඒකට හේතුව දැනගන්නකම් මට ඉවසිල්ලකුත් නැහැ.

" යාහ් ජිමිනා.. ඒක නෙවෙයි.. ඔයා කොහොමද දන්නෙ ඔටුවො හිනාවෙන විදිය" හෝසොක් හ්යොන්ග්  ටේහ්යොන්ග් දිහා බලන එක නවත්තලා එක පාරටම මං දිහා බලලා අහනකොට මම ඩිම් වෙලා ගියා.. ඒ ප්‍රශ්නෙට මෙච්චර වෙලා මම හිතපු සේරම දේවල් එකපාරින් හිතෙන් මැකිලා ගියා වගේ උනා. 'ආයිෂ් දැන් දීපන්කො උත්තර '

Lovely Stay || KTH || AUWhere stories live. Discover now