Chapter 2.

4.2K 704 116
                                    

මෙයා gym එකට යන එක නවත්තන පාටක් නෑ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා gym එකට යන එක නවත්තන පාටක් නෑ වගේ...
------------------------------------------------------------------------

KTH POV

"ඔය දෙන්නා මොනාද මේක ඇතුලෙ කරන්නෙ?" මං ඇහුවෙ එක පාරටම දුවගෙන දුවගෙන ඇවිල්ලා van එක ඇතුලට පැනපු පිස්සු හටන් දෙකෙන්.

"අපිත් එනෝ ඔය කොල්ලාව උස්සන්න යන්න." ජිමින් කිව්වෙ හොදට හරි බරි ගැහිල වාඩිවෙන ගමන්.

"අපි යන්නෙ party එකකින් අවුරුදු 23ක කොල්ලෙක්ව කිඩ්නැප් කරන්න. නැතුව සත්තුවත්තකින් අලියෙක් උස්සන්න නෙමේ. අපි හතර දෙනා මේ වැඩේට හොදටම ඇති. ඔයයි ජින් හියුන්ගුයි ගෙදර ඉන්න."

"ඒත් තේ.. අපි plan කරපු විදිහට හැමදේම සිද්ද උනොත්, මේක තමා පාතාල කල්ලියක් විදිහට අපි කරන අන්තිම mission එක. ඉතින් අපි දෙන්නටත් ඒකට එන්න ඕන. වාහනේ ඇතුලෙ ඉදන් බලං ඉන්න හරි." ජින් හියුන්ග් කිව්වෙ නම්ජූන් හියුන්ගෙ ඔඩොක්කුවේ ඉදගෙන. Van එක ඇතුලෙ ඉඩ නෑ වගේ හරියට...

"හරි එහෙනම්. යන්කෝ ඔක්කොම එකට." මං එහෙම කියපු ගමන් හොබී හියුන්ග් van එක start කරා.

Party එක තියෙන තැනට එනකම්ම මං කල්පනා කරේ ජින් හියුන්ග් කියපු දේ ගැන. හියුන්ග් කිව්ව වගේ, මේ plan එක හරි ගියොත් ආයිත් අපි පතලෙ වැඩ වලට සම්බන්ද වෙන්නෙ නෑ.

අපේ කල්ලියේ නම BTS. අපි හය දෙනා විතරයි ඉන්නෙ, ඒත් අපිට කොරියාව ඇතුලෙ හොද තැනක් තියෙනවා. අපිට කොච්චර වෙන ලොකු පතාල කල්ලි එයාලට එකතු වෙන්න කියල කිව්වත්, අපි ගියේ නැත්තෙ අපි හය දෙනා තනියම වැඩ කරන්න කැමති නිසා.

අපි අපේ කල්ලිය හදා ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙදිමයි. ඉස්කෝලෙ යන කාලේ කරපු පුංචි පුංචි ඕන්නැති වැඩ වලින් පටන් ගත්ත අපි නතර උනේ පාතාල කල්ලියක් වෙලා.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now