Chapter 31.

2.4K 515 120
                                    

ලේන්සු ගන්න ලමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලේන්සු ගන්න ලමා......යී
__________________________________________

NO ONE POV

"Hope. එයාගෙ නම Kim Hope." ජන්කුක් කිව්වෙ එයාගෙ පුංචි princessගෙ නලලින් හාදුවක් තියන ගමන්.

ඒක ඇහුන හැමෝගෙම මූනට හිනාවක් ආවෙ 'බලාපොරොත්තුව' කියන නම ඇත්තටම ඒ පුංචි සුරංගනාවිට හොදටම ගැලපුන නිසා. මොකද එයා ඉපදුන වෙලාවෙ හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තුව ඇති උනා..

"අපේ පුංචි hope.." යුන්ගි හිමීට කිව්වෙ බබාගෙ ඔලුව අතගාන ගමන්.

ටික වෙලාවකට පස්සෙ ජන්හී පුංචි hopeව වඩා ගත්තෙ ජන්කුක්ට එයාව තියාගෙන ඉන්න අමාරු නිසා. ටික වෙලාවක් යනකන් හැමෝම hopeව හුරතල් කරන්න ගත්තෙ ඇස්වල කදුලුයි තොල්වල හිනාවලුයි තියාගෙන.

"අම්තේ... තාත්තේ..." ජන්කුක් එයාලට කතා කරපු ගමන් එයාල පුංචි hopeව ජින්ගෙ අතට දීලා ජන්කුක් ගාවින් හිට ගත්තා. එයාලා හොදටම දැනගෙන ඉදියා මොකද වෙන්නෙ කියලා.

"කූ.."

ජන්කුක් හදන්නෙ එයාගෙ අවසාන වචන ටික කියන්න. කවුරුත් ඒකට ලෑස්ති වෙලා ඉදියෙ නෑ.. ඒත් එයාලට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ.

"අම්මයි තාත්තයි දන්නවා නේද මං ඔය දෙන්නට ගොඩක් ආදරෙයි කියලා." ජන්කුක් කිව්වෙ එයාලගෙ අත් වලින් අල්ලගෙන.

"ජන්කුක්.."

"මං මේක කවදාවත් මීට කලින් කියලා නෑ, ඒත් ඔය දෙන්න තමා මේ ලෝකෙ ඉන්න හොදම අම්මයි තාත්තයි." ජන්කුක් කිව්වෙ කදුලු අතරින් හිනාවෙන ගමන්.

"තාත්තාගෙ පොඩ්ඩක් නට් ලූස් තමා, ඒත් මං ඊලග ආත්මෙත් ඔයාගෙ පුතා හොදද?" ජන්කුක් වෙනදා වගේම එයාගෙ තාත්තාත් එක්ක පැටලෙන්න අමතක කරේ නෑ.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now