Chapter 32.

2.5K 502 70
                                    

අවසානෙට ලෑස්තිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වසානෙට ලෑස්තිද?

___________________________

NO ONE POV

කවුරුවත් ඉදියෙ හොද සිහියෙන් නෙමේ.. ජන්කුක්ගෙ මරනෙ කියන්නෙ එයාලට එච්චර ලේසියෙන් දරා ගන්න පුලුවන් දෙයක් නෙමේ.. ජන්කුක්ගෙ අම්මයි තාත්තයි වගේම තේහියුන්ගුයි අයියලයි කරපු එකම දේ කොහේ හරි මුල්ලකට වෙලා අඩන එක විතරයි.

මලගෙදර වැඩ හැමදේම හොයලා බලලා කරේ got7ලගෙ හත්දෙනා.. එයාලා තමා දවස් තුනක් විතර යනකන් hopeව බලාගත්තෙත්. ඒ අයට දුක නැතුව නෙමේ.. ඒත් එයාලා හොද සිහියෙන් ඉදියා.. අනික ජේබම්ගෙ නංගි nurse කෙනෙක් නිසා එයාලට එයාලගෙ princessව බලා ගන්න අමාරු උනේ නෑ...

අනිත් අතට තේහියුන්ග්..

තේහියුන්ග් දැනගෙන ඉදියෙ නෑ මොනාද වෙන්නෙ කියලවත්.. එයා දැනගෙන ඉදියෙ අඩන එකයි නිදියන එකයි විතරයි.. එයා කරේ ජන්කුක්ගෙ පින්තූරයක් බදාගෙන ජන්කුක්ගෙ ඇදුමකුත් තුරුලු කරගෙන එයාගෙ කාමරේ ඇතුලට වෙලා දවසම ගෙවන එක.

දවස් තුනකට පස්සෙ මින්ගුක් ගිහින් එයාලගෙ princessව got7ලගෙ ගෙදරින් ආයිමත් අරගෙන ආවා.. එදා ඉදන් තමා යුද්දෙ පටන් ගත්තෙ..

පුංචි හෝප් කියන්නෙ ගොඩක් හොද බබෙක්. එයාට නිදිමත හැදෙනකන් එයා හොදම හොද බබෙක්.. එයා කිරි බොන කොටවත්, හෝදන කොටවත්, ඇදුම් මාරු කරන කොටවත් පොඩ්ඩක්වත් ඇඩුවෙ නෑ..

ඒත් එයාට නිදිමත් හැදුන ගමන් එයා පුංචි devil කෙනෙක් වගේ..

හෝප් නිදිමත හැදුනම කරන්නෙ පුලුවන් තරම් හයියෙන් අඩන එක. මොන දේ කරත්, කාගෙ අතට ගත්තත් හෝප් අඩන එකනම් නතර කරේ නෑ.. එයා පැය ගානක් එක දිගට අඩලා අඩලා අන්තිමට නිදාගන්නෙ තවත් ඇස් දෙක ඇරගෙන ඉන්න පන නැති උනාම..

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now