Chapter 29.

2.4K 488 156
                                    

ලේන්සු ලෑස්තිදෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලේන්සු ලෑස්තිදෝ..
______________________________

NO ONE POV

Pregnant වෙලා මාස 7යි

මගෙ චූටි පැටියට,

කොහොමද මගෙ පැටියට? ඔයා හොදින් ඉන්නවා නේද? මට ටිකක් අමුතුයි වගේ. මේ තමයි මං ලියුමක් ලියන පලවෙනි වතාව. ඒ කියන්නෙ මගෙ පුංචි පැටියට තමයි මගෙ පලවෙනි ලියුම හම්බ වෙන්නෙ. ඒ ගැන ආඩම්බර වෙන්නෙ ඕනි හොන්ද?

ඔයා මේ ලියුම දැන් කියවනවනම් ඒ කියන්නෙ ඔයාගෙ වයස අවුරුදු 18ක් වෙන්න ඕනෙ. මොකද මං ඔයාගෙ තාත්තිට මේක දෙනවා ඔයාගෙ 18වෙනි උපන්දිනේ දවසට ඔයාට මේක දෙන්න කියලා. ඉතින් Happy 18th birthday පැටියෝ..

ඔයා මොකද කරන්නෙ? ලොකු party එකක් ගත්තද? අද ඉතින් ඔයාගෙ දහ අටවෙනි උපන්දිනේනේ, ඔයා ගොඩක් විනෝද වෙන්න ඇති නේද?

මං ඔයාට පොරොන්දු වෙනවා, මං ඔයාගෙ උපන්දිනේ මලගෙදරක් නොකරන්න පුලුවන් තරම් උත්සාහ කරනවා හොදද? මට ඕනෙ නෑ ඔයා ඔයාගෙ උපන්දිනේ දවසෙ මං ගැන හිතලා අඩනවා දකින්න. එදාට මගෙ පැටියා සතුටු වෙන්න ඕනේ.

ඒත් මට ඒක කරන්න බැරි උනානම්, මට ඒකට සමාව දෙන්න හොදද. මොක උනත් ඔයාගෙ උපන්දිනේ දවසෙ මං ගැන හිතලා අඩන්න එපා තේරුනාද? ඔයා එදා දවසම හොදට විනෝද වෙලා, දවස ඉවර වෙන්න කලින් මාව බලන්න එක්ක සුදු රෝස මලක් එක්ක. මං ඔයා එනකන් බලාගෙන ඉන්නවා..

මට කියන්නකෝ ඔයා ගැන දැන්.. මගෙ පැටියා ඉන්නවා නේද රජෙක්/ රැජිනක් වගේ? ඔයාගෙ මාමලා ඔයාට එහෙම සලකන්නෙ නැත්තම් මට කියන්න මං ඒ ගැන බලා ගන්නම්.

ඔයාගෙ තාත්තිට කොහොමද? එයා හොදින් ඉන්නවා නේද? එතකොට ඔයාගෙ මාමලා? එයාලා ඔයාව හොදට බලා ගන්නවා නේද? නැත්තම් මට ඒ ගැනත් බලා ගන්න වෙනවද?

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now