Chapter 16.

3.4K 580 102
                                    

Hawaii ________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hawaii
________________________________

NO ONE POV

"කුකී මටනම් බයයි. ජින් හියුන්ග්ට මාට්ටු උනොත් අපි දෙන්නට මොනවා කරයිද දන්නෙ නෑ." ජිමින් කිව්වෙ බයෙන් බයෙන් වටපිට බලන ගමන්.

"චිම් චිම් හියුන්ගී.. බය නැතුව මං කියන විදිහට වැඩ කරන්නකෝ. වැඩිම උනොත් ජින් හියුන්ග් අපි දෙන්නව රෙදි හෝදනවා වගේ අපුල්ලලා මිරිකලා මිරිකලා වැලක වේලෙන්න දායි. ඒක හින්ද බය වෙන්න එපා."

ඒක ඇහුනම ජිමින්ගෙ බය තවත් වැඩි උනා මිසක් අඩු උනේනම් නෑ. ඒත් ජන්කුක්ටනම් ගානක්වත් නෑ. එයා පාඩුවේ එයාගෙ ice cream එක කෑවා. හරියටම කිව්වොත් ජින් හියුන්ග් ෆ්‍රිජ් එකේ හංගලා තිබ්බ එයාගෙ ice cream එක..

"එයා අපිව ඇත්තටම වැලක වේලෙන්න දායිද කුකී?"

"අයියෝ හියුන්ගී.. මං බොරුවක් කිව්වේ. ඔයා මං කියන විදිහට වැඩ කරොත් අපි දෙන්නට මුකුත් වෙන්නෙ නෑ.. අපි වගේ ඇග පත නැති කොල්ලන්ට දෙවියෝ ලස්සන ඇස් දෙකකුයි හුරතල් මූනකුයි දීලා තියෙන්නෙ ඒවා පාවිච්චි කරලා ඇග බේර ගන්න." ජන්කුක් කිව්වෙ තව icecream හැන්දක් කටේ දාගන්න ගමන්.

"ඒත් කුකී මංනම් හිතන්නෙ නෑ අපේ puppy ඇස් වලට ජින් හියුන්ග් අහු වෙයි කියලා." ජිමිනුත් එහෙම කියලා strawberry icecream හැන්දක් කටේ දාගත්තා.

"හයියෝ හියුන්ගී.. ඔයා කොහොමද ඔය වගේ මොලේක් එක්ක මාෆියා එකකට බැදුනේ. අපේ හුරතල් වැඩ වලට ජින් හියුන්ගී කොහොමත් අහු වෙන්නෙ නෑ. ඒත් අපි කරන ඕනම දේකට අහුවෙන කොල්ලෝ දෙන්නෙක් අපි දෙන්නට ඉන්නවනේ."

"ඕඕඕඕ.." ජිමින් ඔලුව වැනුවේ ජින්ගෙ icecream පෙට්ටියෙන් තව හැන්දක් එයාගෙ cup එකට බෙදා ගන්න ගමන්.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now