Chapter 30.

2.3K 483 48
                                    

Followersලා 770ක් ඉන්නෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Followersලා 770ක් ඉන්නෝ.. Thank you හොදේ.. මං ආදරෙයිනේ..
___________________________________________________

NO ONE POV

මගෙ පුංචි පැටියට,

මේක මං මේ මාසෙ ලියන තුන්වෙනි ලියුම. දෙවෙනි එක ලිව්වෙ ඔයාගෙ තාත්තිට. මේක තමයි මගෙ අන්තිම ලියුම..

මේක ගොඩක් කෙටියි.. මට ගොඩක් වෙලා නෑ.. මාව hospital එකට අරගෙන යන්න Ambulance එකක් ඇවිල්ලත් ඉවරයි. ඔයා එලියට එන්න ගොඩක් ලගයි පැටියෝ. ඔයා දන්නවද ඔයාට තියෙන හදිස්සිය එලියට එන්න. මට හුස්ම ගන්නත් අමාරුයි.. ඒත් මං යන්න කලින් ඔයාට කියන්න දේවල් ටිකක් තියෙනවා..

මගෙ පැටියා දන්නවා නේද පපා ඔයාට ගොඩක් ආදරෙයි කියලා? අද මට ඔයාගෙ චූටි මූන බලන්න පුලුවන්, මට ඒකට ඉවසිල්ලක් නෑ.. ඔයා දන්නවා නේද, ඔයයි ඔයාගෙ තාත්තී කියන්න මට මේ ලෝකෙ තියෙන වටිනම වස්තු දෙක කියලා? ඔය දෙන්නත් එක්ක අන්තිම වෙනකන් ඉන්න බැරිවෙන එකට ඔයාගෙ පපාට සමාව දෙන්න මගෙ පුංචි රෝස මල.. හැමැයි මතක තියා ගන්න මං තරු වල ඉදන් හැමදාමත් ඔයාලා දෙන්නා දිහා බලාගෙන ඉන්නෙ.. හැමදාමත්..

පැටියා දන්නවද, මං මගේ ජීවිතේ කවදාවත් කිසිම දෙයක් දෙවියන්ගෙන් ඉල්ලලා නෑ.. ඒත් අද මං දේවල් තුනක් ඉල්ලනවා.. එක, මට මුලින්ම ඕනෙ අඩු පාඩු නැති නිරෝගී බබෙට උපත දෙන්න. ඒක තමා මගෙ ලොකුම බලාපොරොත්තුව. දෙක, ඔයාව එකම එක පාරක් හරි මගෙ පපුවට තුරුලු කරගන්න.. මට මගෙ චූටි මනිකට එක පාරක් හරි මගේ උනුහුම දෙන්න ඕනෙ.. තුන වගේම මගෙ අන්තිම ප්‍රාර්ථනාව තමා ඔයාගෙ උපන්දින් දෙනෙයි මගෙ මරන දෙනෙයි දෙකක් කරන එක. මං පොරොන්දු වෙනවා.. ඔයා පලවෙනි හුස්ම ගන්න දවසෙ මං අන්තිම හුස්ම නොගෙන ඉන්න මං පුලුවන් තරම් උත්සාහ කරනවා.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now