Chapter 5.

3.7K 659 59
                                    

We got taekook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

We got taekook..
__________________________________

NO ONE POV

හැමෝම ඉදියෙ සාලේ තැන් තැන් වල වාඩි වෙලා. ජන්කුක් තේහියුන්ග් දිහා බලාගෙන ඉදියෙ එයාගෙ ලොකු ඇස් තව ටික්ක ලොකු කරලා. තේහියුන්ග්නම් ඒ දිලිසෙන ඇස් දෙකයි උල් වෙච්ච තොල් දෙකයි දිහා බැලුවෙවත් නෑ. බැලුවනම් ඒ කොල්ලා ඉල්ලන දේ නොදී ඉන්නත් බෑ කියලා තේහියුන්ග් හොදටම දැනගෙන ඉදියා.

ජන්කුක් ගුටි කාපු පූස් පැටියෙක් වගේ මූනහදාගෙන තේහියුන්ගෙන් ඉල්ලුවෙ වෙනමුකුත් නෙමේ.. තව ටික දවසක් එයාලත් එක්ක ඉන්න දෙන්න කියලා.

ජන්කුක් විතරක් නෙමේ.. යුන්ගී ජිමිනුයිත් තේහියුන්ග් දිහා බලාගෙන ඉදියෙ එහෙම කියන්න වගේ. ඒත් තේහියුන්ග් දනගෙන ඉදිය ඒක කරන්න බෑ කියලා.

නම්ජූන් ඉදියෙ තේහියුන්ගෙ බෙල්ල මිරිකන්න දගලන එයාගෙ boyfriendව බදාගෙන. ජින් ජන්කුක්ව තියාගන්න තේහියුන්ග් එක්ක රන්ඩු වෙන්න ලෑස්තිවෙලා ඉදියෙ. කොහෙද ඉතින් එයාගෙ boyfriend මුකුත් කරන්න දෙන්නෙ නෑනේ.

ඔය අස්සෙ හෝසොක් කිසිම සද්දයක් නැතුව එයාගෙ වැඩ. එයා තේහියුන්ගෙ phone එක් trace කරන්න බැරි වෙන්න හදනවා. මොකද එයාලා ජන්කුක්ගෙ තාත්තාට කතා කරන්න හදන්නෙ.

"ඔයාගෙ කාමරේට යන්න ජන්කුක්. අපි ඔයාගෙ තාත්තාට කතා කරන්නම්. අනික ඇයි ඔය මූන දෙක කරන් ඉන්නෙ? ගෙදර යන්න හම්බවෙන එක ගැන සතුටු නැද්ද?" තේහියුන්ග් ඇහුවෙ ඇස් දෙකේ කදුලු පුරවන් ඉදිය ජන්කුක්ගෙන්.

"ඔයා ඇත්තටම Mr. ජොන්ට කතා කරනවද තේ?" ඒ ඇහුවෙ ජින්.

"ඔව් හියුන්ග්. අපිට එතකොට හෙට සල්ලි හම්බවෙයි. අනික අපිට මෙයාගෙනුත් නිදහස් වෙතහැකිනෙ." තේහියුන්ග් කිව්වෙ අඩන්න ඔන්න මෙන්න ඉදිය ජන්කුක්ව පෙන්නලා. බොරු කියන්නෙ මොකටද. කොල්ලව යවන්න වෙන එකට තේහියුන්ග්ට‍ත් දුකයි. ඒත් ඒක එයා පෙන්නන්න ගියෙ නෑ.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now