Chapter 4.

3.9K 674 199
                                    

Nipple?? Piercing???_______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nipple?? Piercing???
_______________________________________

NO ONE POV

"Good morning මැනික.. මොකෝ කරන්නෙ ඔයා මෙතන?" තවමත් නිදිමතේ ඉදිය නම්ජුන් ඇහුවෙ ජින්ගෙ උරහිස්සට ඔලුව තියාගෙන. එයාලා දෙන්න ඉදියෙ සාලෙ.

"Good morning ජුනී.. මං මේ cartoon එකක් පටන් ගන්නකන් බලාගෙන ඉන්නවා." ජින් කිව්වෙ උදේ පන්දරම පොප්කෝන් කන ගමන්.

"Cartoon?"

"හ්ම්.. ටොම් අන්ඩ් චෙරී. තව විනාඩියෙන් පටන් ගනී." ජින් කිව්වෙ එයාගෙ boyfriendටත් පොප්කෝන් අහුරක් දෙන ගමන්.

"ඒත් ජිනී T.V එක තාම දාලවත් නෑ නේ." නම්ජූන් කිව්වෙ off කරල තිබ්බ T.V එක පෙන්නලා.

"මේක T.V. එකේ යන එකක නෙමේ. මේක Live Action එක්ක. ඔහොම බලාගෙන ඉන්නකෝ." ජින් කිව්වෙ මහා අමුතු හිනාවක් දාලා. නම්ජුන් ඒ හිනාව ගැන හොදට දැනගෙන ඉදියා. ජින්ගෙ ඒ හිනාවෙන් කියන්නෙ කවුරු හරි කරදරේක කියලා.

"ඔයා මොකක්ද කරේ?"

"පලිගැනීම හරිම සුන්දරයි කියනවනේ ජුනී."

ජින් එහෙම කිව්වම තමයි නම්ජූන්ට වැඩේ තේරුනේ.

"ජිනී.. ජන්කුක් ඔයාගෙ මල් වාස් එක බින්දෙ හිතල නෙමේනෙ. අනික ඔයා ඒ කොල්ලාට කියලා ඔයාගෙ රෙදිටිකත් හෝදව ගත්තනේ. තව මොකක්ද ඔයා ඒ අහිංසකයට කරේ." නම්ජූන් ඇහුවෙ ජන්කුක් ගැන ඇත්තම අනුකම්පා හිතිලා.

"ඔහොම බලාගෙන ඉන්නකෝ..."

ජින් එහෙම කියල ඉවර වෙන්න කලින්ම එක පාරටම ඇහුනෙ ගේ දෙවනත් වෙන්න තරම් ලොකු කෑ ගැහිල්ලක්. ඒ වෙන කාගෙවත්නම් නෙමේ.. ජන්කුක්ගෙ.. ඊට පස්සෙ ඇහුනේ යුන්ගි අම්මා මුත්තා මතක් කරලා බනින සද්දෙ..

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now