🌹01🌹

1.1K 182 12
                                    

Athur pov.

"ඒහ් බං මෙහෙ වරෙන්...."

යූහිගෙ කෑගැහිල්ලට මෙච්චර වෙලා මේසෙ උඩට වෙලා පෝන් එක ඔබ ඔබ හිටිය ජොන්හි ගැස්සුනා.

"මොකද? බම් වද දෙන්නෙ..නිදහසෙ පෝන් එකවත් ඔබන්න නෑ..😒"

"මගුල ආං අලුතෙන් ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා.... කෙල්ලො කියපු විදියට පට්ට හැන්ඩියාලු....වරකො බලන්න."

"සැක්....උබට ලැජ්ජ නැද්ද බං ⁣ප්‍රොෆෙසර්ලට ලයින් දාන්න."

"යකෝ මේකි දැං කව්ද කිව්වෙ ලයින් දාන්න කියලා....පොඩ්ඩක් හම්බෙලා ලකුණක් දාගත්තොත් කාටද වාසිය😒මෙහෙ වරෙම්...."

යූහි එහෙම කියං ජොන්හිවත් ඇදං ක්ලාස් එකෙන් එලියට ගියා.

Jonghi pov.

අපි යද්දි කොරිඩෝ එක දිගෙ ප්‍රොෆෙසර් කෙනෙක් එනවා.කලින් දැකලා නෑ එතකොට මෙයාද අලුත් එක්කෙනා...වැඩි වයසකුත් ⁣නෑ වගේ..පුහ් මට මොකටද?

පිටිපස්සෙන් කෙල්ලො වගයක් කඩාගෙන බිදගෙන එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටිපස්සෙන් කෙල්ලො වගයක් කඩාගෙන බිදගෙන එනවා...මේ මොකද මොකද මෙයා ජනාදිපතිගෙ පුතාද? මෙච්චර ජනප්‍රිය වෙන්න.මේකෙ එවුන්ටත් ඉතිම්😒

"හායි....එක්ස්කියුස් මී..."

ඒ ප්‍රො⁣ෆෙසර් මං ලගට ඇවිල්ලා කතා කරා..

"ආ...⁣ප්...ප්‍රොෆෙසර්"

"ම්....මං jeon jungkook අලුතෙන් ආපු ප්‍රොෆෙසර් මේ ක්ලාස් එක."

"ආ...අරක ම...මාත් එකේ තමා ඉන්නෙ.🙂"

"ඕ....එහෙනම් ඔයා මගෙ ස්ටු⁣ඩන්ට් කෙනෙක්.."

එයා එහෙම කියලා යන්න ගියා...මං වටපිට බලද්දි අනිත් කෙල්ලො මං දිහා කන්න වගේ බලන් ඉන්නවා...මන් මොනාද කරේ... අර ජංකුක් කියන කෙ⁣නානෙ....ඇයි වදේ..මුන්ට හැන්සම් බල්ලෙක් මාත් එක්ක කතා කරත් ඔරවන එක තමා තියෙන්නෙ ඇයි වදේ..



MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now