🌹03🌹

850 165 40
                                    

AFTER FEW DAYS.

AT UNIVERSITY .

ATHUR POV.

"silent please students"

මැඩම් ලී ජොන්හිලගෙ ක්ලාස් එකට ඇවිල්ලා කෑ ගහද්දි කට්ටිය කටවල් වහගත්තා.

" අපේ රිසර්ච් ට්‍රිප් එක හරියටම තව සති දෙකකින් තියෙනවා.මේ සැරේ බෝඩ් මීටින් එකේදි යන්න තීරණය කරේ දේජු දූපතට.science faculty එකේ ඒ කියන්නෙ ඔයාලා කණ්ඩායම 5ක් යටතෙ තමා ඔයාලගෙ ගෘප් වර්ක්ස් කරන්න ඕනෙ.හැම කණ්ඩායමකටම එක ප්‍රො⁣ෆෙසර් ගානෙ ලැබෙනවා....දේජු වලදි ඔයාගෙ ගෘප් එකේ  වගකීම වැටෙන්නෙ ප්‍රො⁣ෆෙසර්ට ඒක හිංදා ඕන්නැති ⁣වැඩ කරලා අපේ යුනිවර්සිටි එකේ නම්බුව කන්න එපා...හැම කණ්ඩායමේ ඉන්න දක්ෂම ස්ටුඩන්ට් ඔයාලගෙ ප්‍රොෆෙසර්ගෙ සෙකන්ඩ් ඒ කියන්නෙ ප්‍රොෆෙසර්ට ඇරුනම කණ්ඩායමේ වගකීම ලැබෙනවා...ඔයාලගෙ කණ්ඩායම නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා...ගිහිං බලන්න.......... ⁣දාලා තියෙන කණ්ඩා⁣යමේ ඉන්න බෑ කියලා අයෙ කණ්ඩායම මාරු කරන්න බෑ........"

මැඩම් ලී එහෙම කියලා යන්න ගියා..... සමහරු ගිහිං බලලා ඇවිල්ලා නහයෙන් අඩන්න ගත්තා....ජංකුක්ගෙ ටීම් එකට වැටුනෙ නෑ කියලා... ඔය අතරේ ජොන්හියානම් හිත හිත හිටියෙ කුකියගෙ කණ්ඩායමට නොවැටේවා කියලා.....

"මෙහෙ වර.......අපි දෙන්නත් ගිහිං බලල එමු.."

යූහි ජොන්හිවත් ඇදං එලියට ගිහිං නෝටිස් බෝඩ් එක බැලුවා....

"සෝහි......ඔය ලට්ටබකල් ඔලුව ගන්න⁣වකො පේන්නෙ නෑ......😑"

යහියා බෙරිහන් දුන්නෙ සෝහිගෙ කොන්ඩෙට මෙලෝ දෙයක් පේන්නෙ නැති හිංදා.සෝහි කියන්නෙ ජොන්හිගෙ ක්ලාස් එකේම ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්...... කෙලින්ම කිව්වොත් මේක්අප් කරත්තයක්.... කොට කෙල්ලක් උනාට හෙයා ස්ටයිල් එක හිංදා උසට පේනවා....

"අඩෝ............ජොන්හි.........ඒ බොක්ක උබ කුක්කා සර්ගෙ ටීම් එකේ....😂"

"හැහ්........බොරු නේද..🙄 මං වෙන ටීම් එකකනෙ....."

"නෑ යකූ..........උබ තමා........කුකා සර්ගෙ සෙකන්ඩ් වෙලා තියෙන්නෙත්....කොන්ග්‍රැට්ස් බොක්ක..😂 උබ තමා හොදටම කරේ.🤣🔫 "

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now