👑 Chapter 3 👑

743 140 105
                                    

ඔයාට හිතෙන්නේ නැද්ද ආරාගේ අප්පා මනුස්සයෙක් හින්දා එයා වැම්පයර් කෙනෙක් නෙවෙයි කියලා

___________________________________

මං එතන තවත් ඉන්නේ නැතුව ඉක්මනට කාමරේට ඇවිල්ලා ආයෙත් ඇඳට වැටුණා. ඇඳට කිව්වට හරියටම අනිත් තුන් දෙනාගේ ඇඟ උඩට.

යූරා යූනගේ බෙල්ල මිරිකන්න වගේ බෙල්ල බදාගෙන ඇඳේ හරහට නිදි. සූහි යූරාගේ පිටට ඔලුව තියාගෙන යූනාගේ ඇඟ උඩින් කකුලකුත් දාගෙන නිදි. මාත් ඉතිම් එහෙම්ම ඒ ගොඩටම වැටුණා.

මට ඔම්මලා කතා කරපු දේවල් මතක් උනා. ඒ කියන්නේ මගේ අප්පා වැම්පයර් කෙනෙක් නෙවෙයිද
එතකොට මමත් සමහරවිට

ඔන්න ඔහේ වැඩක් නෑ. මං දන්න විදියට මං වැම්පි කෙනෙක්නේ හූම්ම්.

................................................................................

💖 ඔම්මා.........

කාර් එකට නගින්න හදපු මම ආයෙත් දුවගෙන ඇවිත් ඔම්මව බදා ගත්තා.

දැන් කීවෙනි පාරටද මේ ලමයෝ
අද යන්න හම්බෙන්නේ නෑ.....
හ්ම් හ්ම් දැන් ගිහින් කාර් එකට නගින්න.

මම ආයෙත් ඉතිම් කාර් එකට නගින්න ගියා. ඒ පාර නම් මම ආයෙත් ඔම්මා ගාගෙන දුවන්න කලින් සූහි මාව ඇදලා කාර් එකට දා ගත්තා. ඒත් එක්කම කාර් එක නිකන් පොලීසියෙන් පන්නනවා වගේ හැටට හැටේ ඉස්සරහට ගියා.

💖 මොකක්ද මනුස්සයෝ ඒ කලේ. ඒක හරියට නිකන් මාව පැහැරගෙන ආවා වගේනේ.

🌼 ඒ ඇදලා ගත්තේ නැත්නම් තාමත් ඔහේගේ ගෙදර

යූරයි යූනයි දෙන්නම හිකි හිකි ගගා හිනා වෙනකොට මම කලේ ඔරවලා ජනේලේ පැත්තට ඔලුව හරවගත්තු එක. කියන්න සන්තෝසයි තාම කාර් එකේ වීදුරුව ඇරලා තිබුණේ නෑ. දඩාං ගාලා හෙණ ගහන්න වගේ ඔලුව වැදුණා වීදුරුවේ. ඇයි දෙයියනේ මටම මෙහෙම....

දැනෙන ලැජ්ජාවට ආයෙත් අනිත් පැත්ත හැරෙන්නේ නැතුවම වීදුරුව පාත් කරගෙන එලිය බලාගෙනම ආවා. අනිත් තුන්දෙනාගෙනුත් මට අද එච්චර කරදරයක් තිබ්බේ නෑ. කාර් එක ටිකෙන් ටික සෝල් වලින් ඈත් වුණා. එක එක පාරවල් වලින් ගිහින් අන්තිමට ආවේ කැලේකට.

You are my vampire queen | Completed |Where stories live. Discover now