👑 Chapter 16 👑

676 126 182
                                    


අප්පා අද ඉඳන් ටික දවසක් මෙහෙ නවතිනවලු. ටේ නම් ඒක අහපු ගමන් මූණ බෙරි කරගත්තා. ඒත් මට නම් ඒකට මාර සතුටුයි. ඒ විතරක්ද. අද ඉඳන් ආරායි අනිත් කට්ටියයි ඔක්කොම අපේ මැන්ෂන් එකේ.

___________________________________

Ara's pov

මං දැන් දවස් දෙකක් තිස්සේ මේ කාමරේට වෙලා ඔහේ ඉන්නවා. ඒ තියා තාම ඇඳෙන්වත් බිමට බැස්සේ නෑ. කොහෙද... අර ජුන් ඔප්පා මේ දවස් දෙකම අඩියක්වත් එලියට තිබ්බේ නෑ. මම හොරෙන් නැගිටින්න කියලා හිතුවත් ඇති එයා එතන. ජින් ඔප්පගේ ඔම්මා... මිස් ලී ඇවිත් මට සැරින් සැරේ බෙහෙත් කරනවා. ඒකෙන් ඉක්මනට තුවාලේ සනීප වුණා. කොහොමත් වැම්පයර්ලාගේ තුවාල ඉක්මනට සනීප වෙනවලු.

අද උදේම ජුන් ඔප්පයි අනිත් හය දෙනාමයි කොහෙද මන්දා ගියා. ගිය එකමයි හොඳ... මට දැන් හොඳයි කිව්වට තේරෙන්නේ නෑනේ. උගන්නන ටිකට පන්තියේ ඉඳගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන් එකේ මන් කොහොමද දවස් තුනක් ඇඳට වෙලා ඔහේ ඉන්නේ. මේවා මහ අසාධාරණ වැඩ.

ජුන් ඔප්පා යනකම් ඉඳලා මම සූහිට කතා කලා.

💖  අනේ අනේ මාව ටිකක් එලියට එක්කන් යනවකෝ... මේක අස්සටම වෙලා ඉන්න පුළුවන්යෑ.

🌼  මේ මේ ඔයා ඒවා ජුන් ඔප්පත් එක්ක බලා ගන්න හොඳේ. අන්තිමට මටත් බැනුම් අහන්න වෙයි.

💖  යාහ්... තමුන්ලා ඔක්කොම ජුන් ඔප්පගේ පැත්තේ මම පව් නැද්ද ආ...

🌼  නෑ නෑ පව් නෑ

💖  අනේ අනේ මොකක්ද සූහියා... අද විතරක් අනේ අනේ

🌼  ආ ආ එනවකෝ... තමුසෙනම් මහ වදයක් ආරා. බලනවා මට හොඳ නින්දක් දාන්න තිබ්බා තමුසෙත් කාමරේට වෙලා හිටියා නම්.

💖  අනේ මේ රෑට නිදා ගත්තාම මදෑ. ආයෙ දවල්ටත් නිදා ගන්න...

සූහි මාවත් එක්කගෙන කාමරෙන් එලියට ආවා. කවුරුත් නෑ. කෙල්ලෝ සෙට් එක විතරයි හිටියේ. සූහි ගෙනාපු කෑම වගයකුත් කකා කට්ටියම හිනා වෙවී කෑ ගගහා හිටියේ.

🐨  දැන් සනීප ඇති නේද

💖  කොච්චරහරි දැන් අර කාමරේට වෙලා ඉඳලා මට පිස්සු වගේ. මේ දැනුත් ජුන් ඔප්පා කන ලඟ ඉඳන් කතා කරනවා වගේ ඇහෙනවා.

You are my vampire queen | Completed |Where stories live. Discover now