👑 Chapter 15 👑

648 126 224
                                    


🐰  ඔයා මට කැමතිද

___________________________________

🌻  ඔ... ඔයාට... මේ මං

🐰   මෙතන වෙන කවුරුවත් නෑනේ. ඔයාගෙන් තමයි ඇහුවේ.

🌻  න්.... නෑ... එහෙම දෙයක් නෑ

🐰  කොහොම දෙයක්ද

කුකී හිනාවකුත් තද කරගෙන ඇහුවා. යූමීට කියාගන්න දෙයක් නැතුව කුකී දිහා මූණත් බෙරි කරගෙන බලන් හිටියේ මේ මෝඩ හාවාත් අහන ප්‍රශ්න කියලා හිත හිත.

🐰  මොකක්ද ඉතින් එහෙම දෙයක් නෑ කිව්වේ. කියන්න බලන්න කොහොම දෙයක්ද කියලා.

🌻  ආආආහ්.... මෝඩ හාවා. තමුන් දන්නවා මං තමුන්ට කැමතී කියලා. එහෙම වෙලත් මෙතන එනවා තව බබා වෙන්න. මුකුත් දන්නෑ වගේ. මෝඩම මෝඩ හාවා. දැන්වත් කට පියාගෙන ඉන්නවා. මං යනවා.

ඒත් එක්කම යන්න හදපු යූමිව ඇදලා අරගෙන බදාගත්තු කුකී එහෙමම විනාඩි පහක් විතර හිටියා. යූමිත් මුකුත් නොකර එහෙම්මම හිටියේ ටික කාලෙක ඉඳන් එයත් කුකීට කැමැත්තෙන් ඉන්නේ කියලා එයාටම තේරිලා තිබ්බ නිසා.

🐰  මාත් ඔයාට ගොඩක් ගොඩක් කැමතියි යූමී.

🌻  කුකී ඔප්පා....

🐰  මාව දාලා යන්න එපා. මට ඔයාව ඕනි. මං ගොඩක් ආදරෙයි. ඔයා මගේ.

( මල කෝලං බෝල සබන්🌝 )

🌻  ඔප්පා.... ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ

🐰  මට මොන ප්‍රශ්නද යූමි.
ඒක නෙවෙයි... ඔයා මොකද මෙහෙ කරන්නේ.

🌻  ඔයාට කියන්න අමතකම වෙලා ගියානේ. ඊයෙ රෑ ආරාට කරදරයක් වුණා.

🐰  මොකක්.... මොකක්ද වුණේ.

කුකී පුදුම විදියට කලබල වෙලා යූමිගෙන් ඇහුවා.

🌻  මොකද... ඔච්චර කලබල වුණේ.

🐰  යූමි මොකක්ද වුණේ කියන්න.

🌻  ඊයෙ රෑ කවුරුහරි අපේ කාමරේට ඇවිත්. ආරා එයත් එක්ක දඟලද්දී ඒ මිනිහා අතේ තිබ්බ පිහියකින් ආරාට තුවාල වුණා.

🐰  ඉතින්... ඔයාලා මෙහෙ මොකද

🌻  නම්ජුන් ඔප්පා ආරාව මෙහාට අරගෙන ආවා. ඇවිත් බෙහෙත් කලා. ආරාට තාම සිහිය නෑ. ඔක්කොම කට්ටිය ජුන් ඔප්පගේ කාමරේ ඉන්නවා.

You are my vampire queen | Completed |Where stories live. Discover now