👑 Chapter 18 👑

653 124 219
                                    

වූජින් සර් කියපු දේ ඇහුණා විතරයි එකපාරට මගෙ ඔලුවේ අකුණක් ගැහුවා වගෙයි මට තේරුණේ. මගෙ මුළු ඔලුවම කැරකෙනවා වගේ. මොනවද මෙයා මේ කියන්නේ.

___________________________________

💖  මොකක්ද කිව්වේ...

මම ඔයාගේ ඇත්තම ඔම්මව දන්නවා. අපි පොඩි කාලේ ඉඳන්ම එකටමයි හිටියේ. ඔයා දන්නවද ඔයා ඇත්තම ඔම්මා කවුද කියලා.

මම ඔලුව දෙපැත්තට වැනුවේ කතා කරගන්න බැරුව මගෙ උගුරේ මොකක්හරි හිරවෙලා තියෙනවා වගේ තේරුණ නිසා.

ඔයාගේ ඔම්මා තමා ප්‍රින්සස් යූ කියන්නේ. එයාව ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා.

මෙච්චර දවසක් ඉගෙන ගත්තුවයි පුස්තකාලෙදි දැකපු දේවලුයි මගෙ ඔලුව ඇතුලේ පිස්සු නටනවා වගේ. අනිත් අයත් ප්‍රින්සස් යූ මං වගේ කියලා කියපු ඒවත් මගෙ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා.

ආරා ඔයා හොඳින් නේද. මං මේක නොකියා ඉන්නද ඔයාට.

එහෙම අහන ගමන් වූජින් සර් මට වතුර වීදුරුවක් දික් කලා. මම ඒක උදුරගෙන වගේ එක හුස්මට බීගෙන බීගෙන ගියා. ඒකෙන් මගෙ කරකැවිල්ල වගේ ගතිය ටිකක් අඩු වුණා.

💖  නෑ කියන්න... මට දැනගන්න ඕනි.

ආරා දන්නවා ඇතිනේ ප්‍රින්සස් යූ ට මේ රාජධානිය පාලනය කරන්න ලැබුණේ නැත්තේ එයා මනුස්සයෙක් එක්ක විවාහ වුණ නිසා කියලා.

💖  මං... මං ඒක දන්නවා. ඒත්... මගෙ ඔම්මටයි අප්පටයි මොකක්ද වුණේ. ඔයා ඒ ගැන මොනවහරි දන්නවද.

ඒක මේ... අඅඅ....

💖  ඇත්ත කියන්න... මොකක් වුණත් කමක් නෑ...

එයාලා දෙන්නම මැරුණා.... ඇත්තටම එයාලාව කෙනෙක් මැරුවා.

💖  මැරුවා.... ඒ කවුද...

ඒ කිම් සූ... නම්ජුන්ගේ අප්පා... එහෙමත් නැත්තං අපේ රජතුමා.

ජුන් ඔප්පගේ අප්පා..... එයා ඇයි එහෙම කලේ. මේක වෙන්න බෑ.

කිම් ජොන් රජතුමා ප්‍රින්සස් යූ ව නෙරපලා දැම්මට පස්සේ කිම් සූ ට බලය පැවරුවනේ. ඊට පස්සේ ප්‍රින්සස් යූ මනුස්ස ලෝකෙට ගිහින් ජීවත් වුණත් කිම් සූ බය වුණා පස්සෙ කාලෙක හරි එයාට ප්‍රින්සස් යූ ගෙන් බලපෑමක් වෙයිද කියලා. ඒ නිසයි එයා ඔයාගේ ඔම්මව මරලා දැම්මේ. ඔයාගේ අප්පවත් ඒත් එක්කම මරලා දැම්මා. මං හිතන්නේ ඔයාව බේර ගත්තේ ඔයාගේ දැන් ඉන්න ඔම්මා.

You are my vampire queen | Completed |Where stories live. Discover now