👑 Chapter 6 👑

721 138 171
                                    


එකපාරටම ඇහැරුණේ මොකෙක් හරි එකපාරට දොරට තඩිබාන්න පටන් ගත්තු නිසා. මම නිදිමතේම වැනි වැනි ගිහින් දොර ඇරියා. එලියේ හිටපු කට්ටියව දැක්ක ගමන් මගේ නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ. ඒ හිටියේ.....

___________________________________

💖 චන්යෝන්.......

ඔව්.... මගේ ඉස්සෙල්ලා ඉස්කෝලෙදී මට පේන්නම බැරි ජීවීන් තුන්දෙනා.

මට පරණ වාඩුවකුත් තීනවා ගන්න. එදා නොවැලැක්විය හැකි හේතුවක් නිසා වලිය පවත්වන්න බැරි වුණානේ

බුහහහා.... දැන් තමා වෙලාව

💖 තමුසේ මොකද මෙහෙ කරන්නේ

මම චන්යොන්ගේ කොලර් එකෙන් අල්ලලා අදින ගමන් ඇහුවා.

🌸 හහ්.... මමනේ ඒක අහන්න ඕනි. මොනවද මෙතන කරන්නේ තමුසේ

💖 මම අහපු එකට උත්තර දෙනවා නැත්තං දෙන්නේ දෙකක් විසික් වෙලා ගිහින් අර ජනේලෙන් බිමට වැටෙන්න

මම ඇස් දෙකෙන් ජනේලෙත් පෙන්නන ගමන් චන්යොන්ට කිව්වා.

🌸 ඔයත් මෙතනට ඇවිල්ලානේ ඉන්නේ. එහෙනම් මෙතනට එන්න හේතුව දන්නවා ඇතිනේ.

💖 ඒ කියන්නේ තමුසෙත්....

🌸 වැම්පයර් කෙනෙක්

යකෝ බලාගෙන යනකොට මුන් ඔක්කොම වැම්පයර්ලානේ. තව ටික දවසකින් රටේ ඔක්කොම එවුන් ඇවිත් මෙතන පදිංචි වෙයිද දන්නේ නෑ මම වැම්පයර් කෙනෙක් මම වැම්පයර් කෙනෙක් ගගා.

🌼 කවුද ආරා

ඒ වෙලාවේ තමා සූහියි අනිත් ඩබලයි ඇස් දෙක පිහදදා නැගිටලා ආවේ

🌼 ඒ මට මේ දොර ලඟ ඉන්න සෙට් එක අර චන්යොන්ලා වගේ පේනවනේ
හීනෙන් නෙවෙයි නේද

🌷 ඒ මටත් එහෙම පේනවනේ ඒනම් අපි දෙන්නම එකම හීනේ දකිනවා

🌹 නෑ මේ උන්ම තමා. ගහමූ......

ඒ පාර යූනා යූරා ඩබලයි සූහියි දුවගෙන දුවගෙන ඇවිත් අර චන්යොන්ට පිටිපස්සේ හිටපු හායූන් යූමී ඩබලව අල්ලගෙන පොරකන්න වුණා.

මාත් ඉතින් එතනට වෙලා නිකන් බලාගෙන හිටියේ නෑ. චන්යොන්ගේ කරේ නැගගෙන කොණ්ඩෙන් ඇද ඇද සෙට් එකම ගහගන්න පටන් ගත්තා.

You are my vampire queen | Completed |Where stories live. Discover now