👑 Chapter 19 👑

613 119 111
                                    

💖  එයා මැරුණා නෙවෙයි..... එයාව මැරුවා....

___________________________________

ආරා මං කියන දේ අහන්න.... කලබල වෙන්න එපා.....

💖  ඔම්මා මට ටිකක් තනියම ඉන්න ඕනි.

ආ... හරි... මං එලියට යන්නම්.

මේ දේවල් ඇත්තමද.... මේ ඉන්නේ මගෙ ඇත්තම ඔම්මා නෙවෙයි වෙන්නැති. ඒත්.... මගෙ ඔම්මවයි අප්පවයි ඇත්තටම මැරුවේ ජුන් ඔප්පගේ අප්පද. ඇයි ඒක පිලිගන්න එපා කියලා මගෙ හිත මට මෙච්චර බල කරන්නේ. බැරිවෙලාවත් ඒ ජුන් ඔප්පා නිසාද... පිස්සුද ආරා...  ඔයා කොහොමද ඔයාගේ ඔම්මයි අප්පයි අමතක කරලා ජුන් ඔප්පා ගැන හිතන්නේ.

මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මට ඕනි වුණේ දුවගෙන ජුන් ඔප්පා ගාවට යන්න. එයාව තද කරලා බදාගෙන මගෙ හිතේ තියෙන දුක ඔක්කොම කියන්න. රෑ වෙනකම් කල්පනා කරලා කරලා මම අන්තිමට ජුන් ඔප්පා හිටපු කාමරේට ගියා. එයා නිදි... කොට්ටෙට  මූණත් ඔබන් හොඳටම නිදි.

මම ගිහින් ඇඳ ගාවින්ම බිමින් වාඩි වෙලා ඇඳෙන් ඔලුව තියාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ගිහින් ඇඳ ගාවින්ම බිමින් වාඩි වෙලා ඇඳෙන් ඔලුව තියාගත්තා.

💖  ජුන් ඔප්පා.... මම දැන් මොනාද කරන්න ඕනි කියන්නකෝ. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. මම කාවද විශ්වාස කරන්න ඕනි. මම පිලිගන්න ඕනි මගේ හිත කියන දේද. ඔයාටවත් පුළුවන්ද මට උදව් කරන්න. බෑ නේද..... මං තනිවෙලා නේද.... මට කවුරුත් නෑ නේද... මගෙ ඔම්මත්....
.
.
.
.
.
.
.

🐨  ඔයා තනිවෙලා නෑ ආරා..... ඔයත් එක්ක අපි හැමෝම ඉන්නවා.

එකපාරටම ජුන් ඔප්පගේ කටහඬ ඇහුණම මාව ගැස්සිලා ගියා. මම හිතන් හිටියේ ජුන් ඔප්පා නිදි කියලා. මම ඔලුව උස්සලා බලනකොට යන්තම් හිනාවක් දාගෙන නිකටට අතත් තියාගෙන ජුන් ඔප්පා මං දිහා බලාගෙන හිටියා.

You are my vampire queen | Completed |Where stories live. Discover now