👑 Chapter 21 👑

789 139 176
                                    

🐰  ආ...රා... මං.... ඔයා...ව බේර... ගත්තා....

___________________________________

දැනටමත් කිම් සූ රජතුමා එක්කගෙන ආපු එයාගේ ආරක්ෂකයෝ වූජින්ගේ කට්ටියට පහර දෙන ගමන් හිටියේ. ටිකෙන් ටික පරාද වෙන්න පටන් ගත්තෙත් වූජින්ගේ කට්ටියමයි. කුකී නිසා කරපු හැමදෙයක්ම වතුරේ ගිය නිසා වූජින් හිටියේ පිස්සුවෙන් වගේ කේන්තියෙන්.

ඒත් කාටත් වඩා මෙතන කේන්ති ගිහින් තිබුණේ ආරාට. ආරාට රතු පාට හඳ එලිය වැටෙනවත් එක්කම වුණේ ආරාගේ බලය තවත් වැඩි වෙච්ච එක. ආරාගේ බලයට වූජින් එයාව බැඳලා දාලා තිබ්බ බැමි කෑලි කෑලි වලට කැඩිලා ගියා. කුකීට සිද්ද වුණ දේ නිසා තරහයි දුකයි ආරාව වට කරගත්තා. ආරාගේ ඇස් මීට කලින් කවදාවත් දිලිසිලා නැති තරමටම රතු පාටින් දිලිසුණේ ආරාගේ කේන්තිය අනිත් අයටත් පෙන්නන ගමන්.

අනිත් කට්ටිය කුකී ගාවට දුවගෙන යද්දී ආරා කුකීගේ පිටේ තිබුණු කිනිස්සත් ගලවගෙන වූජින් දිහාවට ඇදිලා ගියේ වූජින්ට ඇහිපිල්ලමක්වත් ගහන්න ඉඩක් නොතියා.

ආරා ආපු වේගෙටම තවත් ටික දුරක් වූජින්ව පිටිපස්සට ඇදිලා ගිය වූජින් නැවතුණේ පිටිපස්සෙන් ලොකු ගහකටයි ඉස්සරහින් ආරාටයි මැදි වෙලා. ආරාගේ අතේ තිබුණ කිනිස්ස වූජින්ගේ බෙල්ලට ලං වෙලා තිබුණේ.

💖  තමුසේ.... කොහොමද එහෙම කලේ
ඒ උබේ පුතා නේද...

පුතා වුණත් මොකද... ඒකා මගෙ දරුවෙක් වෙන්න බෑ. ඒකා මගෙ දරුවෙක් නම් තමන්ගේ අප්පාව අමතක කරලා කොහෙවත් ඉන්න කෙල්ලෙක්ව බේර ගන්නවද

💖  තමුසෙ වගේ එවුන් මේ ලෝකෙටම වැඩක් නෑ.... තමුසේ තවත් මෙහෙ ඉන්න ඕනි නෑ.

ඒ වෙලාවෙම ආරා එයාගේ ඇස් දෙකෙන් වූජින් කෑ ගහද්දී එයාගේ බලයන් ඔක්කොම උදුර ගත්තා. දැන් වූජින් කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් විතරයි. ආරා අනිත් පැත්ත හැරිලා ටික දුරක් ගිහිල්ලත් ක්ෂණිකව හිතට ආපු දෙයක් නිසා අනිත් පැත්ත හැරිලා අතේ තිබ්බ කිනිස්ස වූජින්ගේ පපුවට ඉලක්ක කරලා විසික් කලා. කිනිස්ස පපුවට වැදෙනවත් එක්කම වූජින්ගේ මුළු ඇඟම ගිනි ගන්න පටන් ගත්තේ කෑ ගගහා දඟලද්දීමයි.

You are my vampire queen | Completed |Where stories live. Discover now