👑 Chapter 13 👑

672 124 234
                                    

ඒත් එක්කම ඇදිලා ආපු අතක් යූරගේ අතින් තද කරලා ඇදලා ගත්තේ හිතේ තිබ්බ තරහා යූරගේ අතින් යවන ගමන්. එකපාරට වෙච්ච දේ හිතාගන්න බැරුව හිටපු ටේයි යූරයි දැක්කේ එයාලා දෙන්නා දිහාවට ඔරවගෙන ඉන්න යුන්ගිව.

___________________________________

යූරා යුන්ගිගේ මූණ දැකලා හොඳටම බය වෙලා හිටියත් ටේ හිටියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව.

🌷  අනේ.... යුන්ගි ඔප්පා අත රිදෙනවා.... අතාරින්නකෝ.....

😺  ඇත්ත කියනවා.... තමුසෙ කැමති ටේටද මටද

🐯  මොකක්... හියුන්...

🌷  ඔප්පා...

දැන් දැන් යූරගේ ඇස් දෙකේ කඳුලු පිරීගෙන එනවා. මුළු මූණම රතු වෙලා. අඬන්න ඔන්න මෙන්න ඉන්නෙ. තොල් දෙකත් එක්ක වෙව්ලනවා.

😺  කියනවා....

🌷  මං කැමති.... ටේ ඕප්පට...

යූරා බිම බලාගෙන යුන්ගිගේ මූණවත් බලන්නැතුව කියනකොට යුන්ගි අල්ලන් හිටපු යූරගේ අත ටිකක් බුරුල් වුණා.

😺  ඇත්තමද....

🌷  ඔව්....

යූරගේ ඒ වචනෙත් එක්ක යුන්ගි යූරගේ අත අතෑරියා. අතෑරලා යන්න හදපු යුන්ගි ආපහු යූරගේ පැත්තට හැරුණා.

😺  ඔයා.... ටේට නම් ආදරේ.... කමක් නෑ. එයාව කවදාවත් අතාරින්න එපා. ඒත්.... මමත් තමුන්ට ආදරේ කලා කියලා මතක තියා ගන්නවා යූනා.....

🌷  මොකක්....

ඒත් එක්කම තත්පර ගානක් ඇතුලත මෙතන වෙලා තියෙන දේ තේරෙද්දි ටේට බකස් ගාලා හිනාවක් පැන්නා. ටේ පිස්සුවෙන් වගේ හිනාවෙනවා දැක්කම යුන්ගි ඔරවලා බැලුවේ ටේ දිහා. ඒත් යූරා තාම වෙච්ච දේ හිතා ගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියා.

🐯  හි.... හියුන්...  මේ... මේ... ඉන්නේ  ඔයාගේ යූනා නෙවෙයි. මේ  ඉන්නේ යූරා...

ටේ හිනාවෙන ගමන්ම බොහොම අමාරුවෙන් යුන්ගිට කිව්වා.

😺  මොකක්...

යුන්ගිට ආවේ පොලව පලන් යන්න තරම් ලැජ්ජාවක්.

😺 එතකොට ඔයා කොහොමද මං ඊයේ යූනට දීපු ජැකට් එක ඇඳන් ඉන්නේ

You are my vampire queen | Completed |Where stories live. Discover now