👑 Chapter 11 👑

721 123 308
                                    


👤 ඉන්න.... ඉන්න...... මං.... මං කියන්නම්. මට මුකුත්.... කරන්න එපා. ඒ කෙනා තමා....

💖  ඔව් ඒ කවුද

👤  ඒ.....

___________________________________

👤  එයාගෙ නම........

.
.
.
.
.
.

එකපාරටම ඒ වැම්පයර් එතනින් අතුරුදහන් වුණේ කළු පාට දුමක් එක්ක. එයා විතරක් නෙවෙයි. එතන හිටපු ඔක්කොම වැම්පයර්ලාට වුණේ ඒ දේමයි. අන්තිමට එයාලා හිටපු තැන ඉතුරු වුණේ අළු ටිකක් විතරයි. මට එකපාරට මොකක්ද උනේ කියලු හිතා ගන්න බැරි වුණා.

💖  එයාලත් අර කලින් දෙන්නා වගේ අතුරුදහන් වුණාද?

මම නම්ජුන් ඔප්පා දිහාවට හැරිලා ඇහුවා.

🐨  නෑ.... එයාලව කවුරුහරි මැරුවා.

💖  මොකක්... ඒ කොහොමද? කවුද?

🐨  ලොකු බලයක් තියෙන කෙනෙක්ට එයාගේ මනසින් එයාට වඩා දුර්වල අයව නැති කරලා දාන්න පුළුවන්.

💖  ඔයාටත් පුළුවන්ද

🐨  ම්ම්ම්.... පුළුවන් ඇති. ඒත් වැම්පයර්ලාට දැන් එහෙම කරන්න තහනම්.

💖  එහෙනම් ඔය කලේ

😺  අනිවාර්යයෙන්ම මේකත් ආරාගේ පස්සෙන් පන්නන මිනිහගේ වැඩක්. මුන් එයාගේ නම කියන්න යනකොටම ඒකා මෙයාලව ඉවරයක් කලා.

🌼  දැන් ඉතින් කරන්න දෙයක් නෑ නේද

🐼  වෙන කරන්න දෙයක් නෑ. ඒත් කොහොමහරි මේ අපිත් එක්ක සෙල්ලම් කරන එකාව හොයාගන්න වෙනවා. එතකන් ආරා පරිස්සමින් ඉන්න. මොකද ඌ ඔයාගේ පස්සෙනුයි එන්නේ.

💖  ඒ යකාට පිස්සු. වෙන කියන්න දෙයක් නෑ මට.

🐰  ඒකට කමක් නෑ. ගොන් වැඩ කරන්න යන්නේ නැතුව ඉන්නවකෝ.

දැන් ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා අපි ඒ වැම්පයර්ලාව හිර කරලා තිබ්බ තැනින් එලියට ආවා. ඒ එනකොට ඔම්මා බලන් ඉන්නවා මං එනකම්. අද නම් මං ඉවරයි.

💖  ඔ.... ඔම්මා

ආ.... ආවද..... මොනවද මේ කරන වැඩ ආරා. දන්නවද මං කොච්චර බය වුණාද කියලා. ඇයි මෙහෙම හිතුවක්කාර වැඩ කරන්නේ ආරා. ආයෙ මෙහෙම කරලා තිබුණොත් මං ගෙදර එක්කගෙන යනවා ඔයාව.

You are my vampire queen | Completed |Where stories live. Discover now