👑 Chapter 20 👑

610 120 87
                                    


🐰  ඒ... ඒ තමා වූජින් සර්... එහෙමත් නැත්තම් ආරාගේ ඔම්මගෙයි අප්පගෙයි මිනීමරුවා.....

___________________________________

🐨  මොකක්.... වූජින් කියන්නේ එතකොට කුකී..... ඔයාගේ අප්පද

🐯  ඒකයි ඔයා හැමදාම එයාගෙන් හැංගිලා වගේ හිටියේ. ඔයා වූජින් සර්ව හරියට මූණට මූණ හම්බෙන්නවත් ගිහින් නෑ...

🐰  දැන් ඒ දේවල් ගැන කතා කර කර ඉන්න වෙලාවක් නෑ. අපි යන්න ඕනි. ආරා ඉන්නේ කරදරේක...

🌸  ඇත්ත.... මේ දේවල් ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලම ආරාව හොයාගෙන ඉමු.

කට්ටියම කැලේ මැද්දෙන්ම දුවගෙන ගියේ කුකී පස්සෙන්. කුකී යන දිහාවටම අනිත් කට්ටියත් පුළුවන් ඉක්මනට දුවගෙන ගියා. දුවන ගමන්ම නම්ජුන් ආරාට කතා කරන්න හැදුවත් ආරාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ.

කුකී දුවගෙන දුවගෙන ආවේ කැලේ මැද්දේ තිබ්බ ලොකු ගහක් ගාවට. ගහට අතක් තියපු කුකී ගහ දිහා බලාගෙන ඉන්නකොටම  කුකීගේ ඇස් තැඹිලි පාටින් දිලිසෙන්න ගත්තා. ඒත් එක්කම ඒ ගහත් දෙකට බෙදිලා එතනින් මතුවුණේ වෙනම පාරක්.

කුකී කිසිම බයක් නැතුව ඒ පාරෙන් යද්දී අනිත් කට්ටියත් කුකී පස්සෙන්ම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකී කිසිම බයක් නැතුව ඒ පාරෙන් යද්දී අනිත් කට්ටියත් කුකී පස්සෙන්ම ගියා. එයාලා එතනින් ගිය ගමන්ම ගහ ආයෙත් තිබුණු විදියටම එකතු වුණා.

ඒ පාරෙන් යද්දි වටේ පිටේ හැමදේම පේන්නේ කැලේ වගේම තමා. ඒත් හැමතැනම එක වගේ.

🌼  මේකේ ගිහින් අතරමං වෙන්න වෙයිද දන්නේ නෑ

🐰  මම එකපාරක් ගිහින් තියෙනවා. යමු.... මොනවා වුණත් ආරාගේ ඔම්මට වෙච්ච දේ මම ආරාට වෙන්න දෙන්නේ නෑ.

You are my vampire queen | Completed |Where stories live. Discover now