2🥀

982 209 12
                                    

"චිමී මන් වොෂ් රූම් එකට ගිහින් එන්නම්. ඔයාට ඊළඟට තියෙන්නේ dancing නේද ඔයා ඒකට යන්න හවසට හම්බෙමු"

එහෙම කිව්ව ජන්කුක්‌ ජිමින්ට වචනයක්වත් කියන්න නොදී ඉක්මනට එතනින් දිව්වා.

ටේහයුන්ග් නැගිටලා කෙලින්ම ගියේ එයාට තනියම ඉන්න හිතෙන හැම වෙලාවකම යන සමර් හට් එකටයි

"Mr. බනී ඔයා ඉන්නවද"

ටේහ්යුන් සමර් හට් එක ඇතුලට ගිහින් සද්දෙන් ඇහුවා

ටේහයුන්ග්ට mr බනී හම්බුනේ එයා කොලේජ් යන කාලෙදියි. ටේහයුන්ගේ පවුලේ ප්‍රශ්න නිසා හැමෝටම හොරෙන් කොලේජ් එකේ ලොකර් රූම් එකට වෙලා හිත හැදෙනකන් අඬන්න ටේහයුන්ග් පුරුදුවෙලා හිටියේ එතනදී ඇරෙන්න ටේහයුන්ග්ට අඬන්නවත් නිදහසක් නොතිබුණු නිසයි.දවසක් මේ විදියට අඬද්දී ටේහයුන්ගේ අවධානෙ ඒ වෙලාවේ සිවිලිමෙන් වැටුණු පුංචි කඩදාසියකට යොමු වුණා.

කඩදාසිය අතට ගත්ත ටේහයුන්ග් දැක්කේ ලස්සන බෝල අකුරුවලින් "අඬන්න එපා ටේටේ" කියලා ලියලා තියනවයි

"කවුද ඔයා කොහොමද මං ගැන දන්නේ"

ටේහ්යුන් ආයෙමත් සද්දෙට අහද්දී ටේහයුන්ගේ කකුල් පාමුලට ආයෙමත් කඩදාසියක් වැටුනා ඒකෙ තිබුනේ,

""මන් ඔයාගේ යාලුවෙක් වෙන්න කැමති. ඒ වගේම ඔයා මට කැමති විදියකට කතා කරන්න" කියලයි"

කඩදාසි කොලේ ඇඳලා තිබුන පුංචි හා පැටියාගේ සලකුණ නිසා එදා ඉඳන් ඒ අමුත්තා ටේහයුන්ගේ Mr. බනී වෙද්දී ටේහයුන්ග් ටේටේ වුණා.

ටේහයුන්ග් ප්‍රශ්නෙක ඉන්න ඕනිම වෙලාවක ටේහයුන්ග් ලොකර් රූම් එකට ඇවිත් තමන්ගේ හැම ප්‍රශ්නයක්ම Mr.බනීට කියද්දී පුංචි පුංචි කඩදාසි වලින් mr බනී ටේහයුන්ගේ ශක්තිය වුණා.

කිහිපවතාවක්ම ටේහයුන්ග්ට Mr. බනීව ඇස් දෙකෙන් දකින්න ඕනිවුනත් ඒ හැම අවස්ථාවකම Mr. බනී තමන්ගේ අනන්‍යතාවය රහසක් විදියටම තියාගන්න උත්සහ කරපු නිසා ටේහයුන්ග් ඒ අදහස අත්හැරිය.

කාලෙකින් ටේහයුන්ග් යුනිවසිටි ආවට පස්සෙත් Mr බනී යුනිවසිටි එකේ සමර් හට් එකේදී ටේහ්යුන්ව හම්බුනා. පුරුදුවිදියටම ටේහයුන්ග් සමර් හට් එකට ඇවිත් Mr. බනී එක්ක කතා කරද්දී ඒ හැමවෙලේම Mr.බනී ටේහයුන්ග් වෙනුවෙන් එතන බලන් හිටියා. කලින් වගේම පුංචි කඩදාසියකින් ටේහයුන්ග්ව තනි නොකර ටේහයුන්ග් එක්ක කතා බහ කළා.

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now