11🥀

980 213 14
                                        

" මීට අවුරුදු විසිඑකකට කලින් මම රස්සාව කලේ පොඩි රාමන් කඩේක.ඒක තිබුනේ බූසාන් වල කාන්තා පාසලක් ලග. මම වැඩ කරපු රාමන් ශොප් එකට ටේගේ අම්මා නිතරම එනවා.කොලේජ් එකෙන් ගෙදර යද්දී යාළුවෝ එක්ක නිතරම් එතෙන්‍ට එනව.ඒ එන හැම වතාවකදිම එයා එයාගේ ඇස් අහකට ගන්න නැතුවම මන් දිහා බලන් ඉන්නවා. එයාගේ ඇස් ගොඩක් ලස්සනයි. ටික කාලයක් යද්දි අපි දෙන්නා ගොඩක් කිට්ටු වුණා.ඒ වගේම අපි දෙන්නා ආදරේ කලා. එයා ලොකු පොහොසත් පවුලක කෙනෙක් කියලා මට දැනගන්න ලැබුනේ එයාගේ ගෙදරට මේ සම්බන්දය ගැන දෑනගන්න ලැබුනටත් පස්සේ. මුලදි එයාගේ පවුලේ කවුරුත් මේ සම්බන්දයට කැමති උනේ නෑ. ඒත් එයාගේ මුරණ්ඩු කම නිසාම අපි දෙන්නට කැමැත්ත දීලා විවාහ කරවලා දෙන්න එයාලගේ පවුලේ අයට සිද්දවුණා...

ඒ දේවල් කියලා Mr.කිම් ටිකක් නිහඬ උනා. ඒ අතීතය ඇතුලේ ගත කරන ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇදිලා තිබුණේ ඒ සුන්දර මතකයන්ට Mr.කිම්ගේ හිතේ තියෙන කැමැත්ත ජන්කුක්ට දකින්න සලස්වමිනුයි . ඒත් ඒ හිනාව මැකිලා ගිහින් ආයෙමත් වෙහෙසකාරී පෙනුමකින් ඒ මුහුණ අදුරු වෙලා ගියා.
Mr. කිම් ජන්කුක් දිහා බලද්දී ජන්කුක් කුතුහලය පිරුණු ඇස් වලින් mr.කිම් දිහා බලගෙන හිටියා ඒ දිහා බලලා ලොකු හුස්මක් පහතට දාපු පියතුමා නැවත කතාව පටන් ගත්තා.

"අපි මැරි කරලා ටික කාලෙකින් තමයි මගේ ටේ බෙයා ඉපදුනේ එයාටත් එයාගේ අම්මගේ ඇස් පිහිටලා තිබුනේ."

"ඒත් මුහුණේ පෙනුම නම් ඔබතුමාගේ වගේ"

ජන්කුක් හිනාවෙලා කියද්දී ආඩම්බරබවක් ගැබ්වෙලා තිබ්බ හිනාවක් පියතුමාගෙ මුහුණේ ඇඳුනා.

"අපි ගොඩක් සතුටින් හිටියේ ඒත් සතුට කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ. ජීවිත වලට සතුට වගේම දුකත් උරුමයි. ඒ දේ අපේ ජීවිත වලටත් පොදු වුණා.ටේගෙ සීයා දවසක් එයාගේ මිනිස්සු ලවා මාව පැහැරගෙන ගියා. එයා මට තර්ජනය කලා එයාගෙ දුවගේ ජීවිතෙන් අයින් වෙන්න කියලා. එහෙම උනොත් මගේ ලේ උනු ටේහයුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්නම් කිව්වා. නැත්තම් ටේවයි මාවයි දෙන්නම මරනවා කිව්වා. එයාල කැමති උනේ නෑ මන් වගේ දුප්පත් කෙනෙක් එයාලගේ පවුලේ ඉන්නවට. මටත් මගේ සතුටට වඩා වැදගත් උනේ දරුවගේ ජීවිතේ. ඒ නිසා මන් වෙන කිසි දෙයක් හිතන්නැතුව එයාල කියන දෙයක් කරන්න කැමති උනා.එයාල බලෙන්ම එක එක ගෑණු එක්ක මාව හෝටල් වලට එක්කන් ගියා. අන්තිමේදි ගෑණුන්ව ගෙදර එක්කන් යන තැනටම මාව පත් කළා. අන්තිමේදී, මේ හැමදෙයක්ම ඉවර උනේ ඩිවෝස් එකකින්."

"මන් හිතුවේ.දැන්වත් මේ දේවල්.ඉවර වෙයි කියලා. මොකද මට මගේ දරුවවයි බිරිඳවයි රවට්ටලා එයාලට දුකක් දෙන්න වුණා. ඊටත් වඩා මම ඒ ගැන හිතෙන් විඳේව්වා ,තාමත් විඳවනවා...ඩිවෝස් එකෙන් පස්සේ මාව ආපහු මැරයෝ ලවා පැහැරගෙන මට හොදටම ගහලා මගෙ අතත් කපලා දාලා මේ පල්ලිය තියෙන කනත්තෙ මාව දාල ගියා. මේ පල්ලියේ හිටිය ෆාදර් ජෝසප් නිසා තමයි මම අද මේ විදියට ඉන්නේ. එදා මට මගෙ අත විතරක් නෙවෙයි මගෙ පවුල, මගේ ජීවිතේ මගේ සතුට හැමදේම නැති වුණා"

කතාව අවසාන වෙද්දි තමන්ගේ ඇහෙන් ගලාගෙන ගිය කදුලක් mr. කිම්ගේ අතින් පිහ දැමුනා. mr. කිම්ගේ අන්තිම වචන වල දුක ,වේදනාව වගේම ආවේගශීලිත්වය පිරිලා තියෙන බව ජන්කුක්ට තේරුණා. ඔහු දෙවියන්වහන්සේගේ මාර්ගයේ යන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඒ මනුස්සයෙක් , අදුරු කදුළු මතකයන් නිසා ජීවිතේ විඳවපු අහින්සක මනුස්සයෙක්, ආදරණීය සැමියෙක් ,ආදරණීය පියෙක්...

ජන්කුක් මේ හැම වචනයක්ම සාවදානව අහන් හිටියා. ඒ වගේම මේ වැරද්ද හරිගස්සවන්න තීරණය කලා.
ජන්කුක් එදා පියතුමාට සමුදුන්නේ අළුත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙනයි.

_______________________

@wen_kai08
මේ බබා තමයි කලින් chapter එකයි මේකයි දෙකම type කරලා දුන්නේ. Thank u බබෝ 😘😘😘

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now