ජන්කුක් හිටියේ එයා වැඩ කරපු කොෆි ෂොප් එකේ එයාගේ ශිෆ්ට් එක ඉවරවෙලා ගෙදර එනගමනුයි.ඒත් මගදුරක් යද්දී පාරේ කවුරුහරි කෙනෙක් වැටිලා ඉන්නවා ජන්කුක් දැක්කා.කාටවුනත් තමන්ට පුළුවන් විදියට කරදරයකදී උදව් කරන එක ජන්කුක්ගේ පුරුද්දක්.ඒ නිසා මනුස්සයා වැටිලා ඉන්න තැනට ලන්වුනු ජන්කුක් ඒ මනුස්සයට කතා කළා.ඒ වෙනකොටත් අඳුර වැටිලා තිබුනා වගේම ජන්කුක්ගේ එපාර්ට්මන්ට් එක පිහිටලා තිබුනේ ජනශූන්‍ය ප්‍රදේශයක නිසා මේ වෙලාවේ පාරේ කවුරුත් ගමන්කළේ නෑ.
ජන්කුක් අර මනුස්සයට කතා කරද්දී වැටිලා හිටිය කෙනා ඒ වෙලාවේ ඉන්නේ බීමතින් කියලා ජන්කුක්ට තේරුනා.ඒත් ඒ මුහුණට පාරේ තිබුණු විදුලි කණුවල විදුලි ආලෝකය වැටෙද්දී තමයි ජන්කුක් ඒ මුහුණ පැහැදිලිව දැක්කේ.
"ටේහයුන්ග් "
ඔව්,එතන හිටියේ ටේහයුන්ග්.හොඳටම බීලා,ඇඳන් හිටිය කමිසය තෙත්වෙන තරමට දහඩියෙන් ඒ හැඩිදැඩි සිරුර නෑවිලා.ටේහයුන්ග්ව වෙඩින් එක දවසේ රෑම මේ විදියට දකින්න ලැබුණු එක ජන්කුක්ට ලොකු පුදුමයක් වගේම දුකටත් කාරණයක් වුනා.
ටේහයුන්ග් හිටියේ හරිසිහියකින් නෙමෙයි.ඒ හිටිය විදියට නැගිටලා කෙලින් හිටගන්නවත් පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.ඒත් ටේහයුන්ග්ව මේ ඉන්න තත්වෙන් මෙතන දාලා යන්නත් ජන්කුක්ට බෑ.දැන් වෙනකෙනෙක්ට අයිතිවෙලා ඉවරවුනත් ටේහයුන්ග් කියන්නේ ජන්කුක්ගේ පලවෙනි ආදරේ වගේම එයාගේ ජීවීතේ එකම ආදරේ.ඉතින් ටේහයුන්ග් මේ ඉන්න තත්වයෙන් දකිද්දී ජන්කුක්ට කාටත් වඩා ලොකු වේදනාවක් දැනුනා.
"ටේහයුන්ග් ඔයාට නැගිටින්න පුලුවන්ද "
ජන්කුක් අසිහියෙන් ඉන්න ටේහයුන්ගේ කලිසම් සාක්කු බාහිරින අල්ලනගමන් ඇහුවේ ටේගේ ෆෝන් එක හරි හොයාගෙන ටේව පිටත්කරන්න ක්‍රමයක් හොයාගැනීමේ අරමුණෙන්.ජන්කුක්ට ටේහයුන්ගේ ෆෝන් එක හම්බුනත් ටේගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.ජන්කුක් ටේගේ ෆෝන් එක බැලුවත් ෆෝන් එක ලෝක කරලා නිසා මේ වෙලාවේ හැටියට ජන්කුක්ට වෙන කරන්න කිසිම දෙයක් නෑ. ඒ නිසාම බීමතින් ඉන්න ටේවත් තමන්ගේ කරට වාරුකරගත්ත ජන්කුක් ටේහයුන්ග්ව එයාගේ එපාර්ට්මන්ට් එකට එක්කන් ගියා.
ජන්කුක් ටේහයුන්ග්වත් එක්කන් ඇවිත් එයාගේ කාමරේට ගිහින් ටේව එයාගේ ඇඳෙන් හාන්සි කළා. හැබැයි ජන්කුක් දැක්කා එතකොට ටේහ්‍යුන්ග් මොනවදෝ මුමුණන ගමන් අඬනවා. ටේහ්‍යුන්ග් ඇස් පියාගෙනම අඬන ගමන් මිමිණුවේ,
"බනී Mr. බනී සරන්හේ "
ඒ විදියට නොනවත්වාම ටේගේ කටින් පිටවුනේ කඳුළු අතරින්මයි.ටේගේ කටින් ඒ වචන පිටවෙනවත් එක්කම ජන්කුක්ගේ ඇස් වලට කඳුළු පිරුනා. ජන්කුක් අතින් කටවහගෙන එයාගෙන් පිටවෙන ඉකිය නවත්තගන්න උත්සාහ කලේ කඳුළු ජන්කුක්ගේ කම්මුල් තෙමන අතරෙයි.
ටේහ්‍යුන්ග් අසිහියෙන් වුනත් Mr. බනීව අඬ අඬා හොයන විදිය තමන්ගේ කඳුළු වලට ඔහේ ගලන් යන්න අවසර දීලා බලන් හිටිය ජන්කුක් එක දෙයක් මේ වෙද්දී තේරුම් ගත්තා. ඒ තමයි දැන් ටේහ්‍යුන්ග් කියන්නේමැරි කරලා අලුත් ජිවිතයක් පටන්ගත්ත කෙනෙක්. එයා වෙන කෙනෙක්ට ආදරේ කලත් දැන් ඒ හැමදේකටම පරක්කු වැඩි. මොකද දැන් ටේහ්‍යුන්ග් කියන්නේ තනි කෙනෙක් නෙවෙයි. එයාගේ ජිවිතේ වෙන හැම සිදුවීමක්ම ඉරේනටත් බලපානවා. ඒ නිසා Mr. බනී කියන්නේ තව දුරටත් ටේහයුන්ග්ව එයාගේ ඇත්ත ජීවිතෙන් ඈත් කරන කෙනෙක් විතරයි. ටේහ්‍යුන්ග් වෙන කෙනෙක්ට ආදරේ කලත් දැන් එයා යථාර්තයට මූනදිලා එයාට තියෙන වගකීම් ගැන හිතන්න ඕනි. මේ හැමදෙයක් ගැනම හිතුව ජන්කුක් හිතුවේ Mr. බනී ටේගේ ජීවිතෙන් ඈත් වෙන එක හැමෝටම හොඳ දෙයක් වෙයි කියලා.එහෙම වුනාම ටේට පුළුවන් Mr. බනී ගැන තියෙන මතකයන් අමතක කරලා අලුත් ජීවිතයක් සතුටින් ගෙවන්න. පොඩි කාලේ ඉඳන් අසම්පුර්ණව ගෙවුණු ටේගේ ජීවිතේට දැන් ආයෙමත් එයාගේ අප්පාගේ ආදරේ වගේම බිරිඳක් එකතු වෙලා සම්පුර්ණ ජීවිතයක් ටේට ලැබිල තියෙනවා. ඒ නිසා තවදුරටත් ටේගේ ජීවිතයට Mr. බනීව අවශ්‍ය වෙන්නේ නෑ.
--------------------------------------
YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop
![🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]](https://img.wattpad.com/cover/293136431-64-k933789.jpg)