9🥀

883 197 12
                                    

ජිමින් වොශ්රූම් එකේ ඉන්න අතරතුරේ සමර්හට් එකට ආපු ටේහයුන්ග් Mr. බනීට කතා කලා.

"Mr. බනී ඔයා ඉන්නවද"

ටේහයුන්ග් වෙනදාවගේම ඇහුවත් අද Mr. බනීගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නෑ. ඒත් ඒ වෙනුවට හීනි ඉකිබිඳුම් හඬක් ටේහ්යුන්ග්ට ඇහුනා.

"Mr. බනී ඔයා අඬනවද"

එතකොටම පුංචි කොලකෑල්ලක් බිමට වැටුනා.

"මට දුකයි ටේටේ ගොඩක් දුකයි හැබැයි දැන් මගෙන් ඒකට හේතුව අහන්න එපා'

"ඔයා දන්නවද Mr. බනී මටත් ගොඩක් දුකයි දරාගන්න බැරි තරම් දුකයි. මං අමාරුවෙන් අමතක කරන්න හදන හැමදේම ආයෙත් මගේ ඉස්සරහට එන්න පටන් අරන්."

"මට ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ ටේටේ. ඒත් ඔයාට දුකයිනම් අඬන්න ඔයාගෙන් දුක නැතිවෙනකම් අඬන්න. හරියට මට වගේම ඔයාටත් කඳුළු උදව් කරයි ඒ දුක දරාගන්න"

"Mr. බනී මං ඇඬුවා කියලා මේ දේවල් මට අමතක කරන්න බෑ මට මගේ හිතේ තියෙන දේවල් කාටහරි කියලා නිදහස් වෙන්න ඕනි අහන්ඉන්න පුලුවන්ද ඔයාට"

"ඔයා කැමති දෙයක් කියන්න ටේටේ මං හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා"

"ඔයාට මං මගේ පුංචි කාලේ ගැන කියලා නෑනේ අද මං ඒ සේරම දේවල් ඔයාට කියන්නම්"

"මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 5ක්‌ විතර ඇති. මට තේරෙන කාලෙක ඉඳන් මං කවදාවත් දැකලා තිබ්බේ නෑ මගේ ඔම්මයි අප්පයි හොඳින් කතා බහ කරනවා. අප්පා ගොඩක් වෙලාවට හිටියේ ගෙදරින් පිට. මගේ අප්පා ගොඩක් දුප්පත් කෙනෙක්. හැබැයි මගේ ඔම්මා ගොඩක් පොහොසත් පවුලක එකම දරුවා. මගේ අප්පා වැඩ කරපු බුක්ෂොප් එකකදී තමයි ඔම්මයි අප්පයි අඳුරගෙන ආදරේ කරන්න පටන් අරන් තියන්නේ. හරියටම කියනවනම් මගේ ඔම්මා විතරයි ආදරේ කරලා තියන්නේ. අප්පා ආදරේ කරලා තියෙන්නේ ඔම්මගේ සල්ලිවලට. අන්තිමේදී ඔම්මගේ ෆැමිලි එකේ අය අකමැති වුනත් ඔම්මගේ මුරන්ඩුකමත් එක්ක එයාලටත් මේකට කැමති වෙන්න වෙලා. ඔම්මගෙයි අප්පගෙයි වෙඩින් එකෙන් අවුරුදු 2කට පස්සේ තමයි මාව හම්බුනේ.

ඒත් ඒ වෙනකොට මගේ අප්පා ගොඩක් වෙනස් වෙලාලු.එයාට මන් ගැනවත් ඔම්මා ගැනවත් හොයන්න උවමනාවක් තිබිලා නෑ.මගේ ඔම්මාගේ ෆැමිලි එකේ අය තමයි බිස්නස් හැමදෙයක්ම බලාගෙන තියෙන්නේ ඉතින් අප්පට ඕනිවුණු දේ නොලැබෙනකොට එයා ඕම්මාට නපුරුකම් කරලා ගොඩක් වද දීලා කලින් කිසිම වැඩක් නැතුව දවසෙම ගෙදර හිටිය කෙනා ඕම්මාව මගහැරලා ගෙදරින් එලියට ගිහින් දවස් ගණන් ගෙදරින් පිට ඉන්නේ පස්සෙගෙදර ආපු දවසටත් දෙන්නා හොඳටම රණ්ඩු වෙනවා මට මතකයි ඒ දවස්වලට මන් බයටම වැඩට හිටිය අජුම්මගේ කාමරේ හැංගිලා ඉන්නවා.පස්සේ කාලයක් තිස්සේ මේ දේ වෙනකොට ඔම්මාගේ අතටම අහුවුනා එයා වෙන ගෑනියෙක්ගේ ගෙදර ඉන්නවා. ඒ සම්බන්දෙ ගොඩක් කාලෙකට කලින් පටන්ගත්ත එකක්ලු.මගේ ඕම්මාට අප්පව හම්බෙන්න කලින් ඉඳන්ම අප්පට ඒ ගෑනු කෙනා එක්ක සම්බන්දයක් තිබිල තියෙනවා.අන්තිමට අප්පා ඒ ගෑනිව ගෙදර එක්කන් ඇවිත් ඔම්මට තර්ජනය කරලා දේපල ඉල්ලුවත් ඔම්ම්මගේ ෆැමිලි එකේ අය එකතුවෙලා ඕම්මව බේරගෙන.එදායින් පස්සේ මන් අප්පව කවදාවත් දැක්කේ නෑ.මන් තනියෙම හැදුනේ.අප්පා අපිව අත්හැරලා ගියාට පස්සේ ඔම්මා ඒ දේවල් අමතක කරන්න බිස්නස් භාරගෙන ඒ දේවල් එක්ක ගොඩක් බිසී වුනා.මන් තනි වුනා අඩුමතරමේ මන් හොඳින් ඉන්නවද කියලා හොයල බලන්නවත් මට කෙනෙක් හම්බුනේ නෑ.ඔම්මා බිස්නස් එකට හිරවෙද්දී මගේ ජීවිතෙත් බිස්නස් එකක් විතරක්ම වුනා.අන්න එදා ඉඳන් මට ආදරේ කියන වචනෙත් පිළිකුල්.ඒ දේ නිසා මිනිස්සු අන්ධවෙලා ලඟින් ඉඳන් කරන හතුරුකම් පෙන්නේ නැතුව යනවා.මට කාවවත් විශ්වාස නෑ Mr.බනී.මොකද මන් දුප්පත් වුනානම් අද මේ මගේ පස්සෙන් ඉන්න කවුරුත් මන් ළඟ නෑ මේ හැමදේම මගේ සල්ලි නිසා.ඒ නිසා මන් කැමති නෑ කවුරුත් මගේ ජීවිතේට ලන්වෙනවට.මට බයයි එයාලත් මාව රවට්ටලා මගෙන් ප්‍රයෝජන අරන් මාව අත්හැරි කියලා"

"දන්නවද Mr.බනී. අද මන් වෙන්වුවෙන් කොල්ලෙක් මැරෙන්න ගියා කිව්වම මට හිතාගන්න බැරිවුනා ඇයි එයා එහෙම කලේ කියලා ඇත්තටම මට ආදරේ නිසාද ඒ නැත්තන් එයාටත් මාව ලබාගන්න බැරිවුණු නිසා පරාජය දරාගන්න බැරුවද කියලා මට තේරෙන්නේ නෑ "

ඒත් එක්කම තවත් පුංචි කොලකෑල්ලක් බිමට වැටුනා.

ඒකෙ තිබ්බේ,

"අතීතය අතීතයටම භාර දෙන්න ටේටේ, අද වුනු දේත් ඔයා අතීතයටම භාරදෙන්න.මන් දැනගෙන හිටියේ නෑ ඔයාගේ කතාව මේ වගේ එකක් කියලා, ඔයා ආදරේ පිළිකුල් කරනවා කියලා හිතන් හිටියට ඇත්තම දේ ඔයා ආදරේට ලෝභයි, ඒ නිසාම ඔයාට බයයි ඔයාගේ අප්පා වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට ඇවිත් ඒ ආදරේ දීලා පස්සේ ඒක උදුරන් යයි කියලා, ඔයා බයයි ආදරේ නැති කරගන්න, ඒ නිසයි ඔයා ආදරේ ලබන්නත් බය මොකද ලැබීමක් නැත්නම් නැතිවීමකුත් නෑ "

ඒ පුංචි කොලේ දිහා බලන් ටේහයුන්ග් ගල් ගැහිලා වගේ බලන් හිටියත් ඒ වචන වල තිබුණු තේරුම එයාට තේරුම්ගන්න පුලුවන්වුනත් එයාගේ හිත ඒ දේවල් පිළිගන්න තරම් නම්‍යශීලි වුණේ නෑ.

"එතකොට ඔයාගේ කතාව මොකක්ද Mr බනී "

"ඒකට ලොකු කතාවක් ටේටේ ඒත් ඒක මගේ හිතේ ඇතුලෙම තිබුණු දෙන්. ඒක තමයි මට තියෙන එකම සැනසීම "

ඒත් එක්කම යුනිවර්සිටි එකේ අවසාන ලෙක්චර් එකත් ඉවරවෙලා ළමයි ගෙවල් වලට පිටත් වෙලා යන්න වුනු නිසා එදා දවසට Mr බනීටයි ටෙහ්යුන්ග්ටයි වෙන් වෙන්න සිද්ද වුනා

_______________________________________

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now