16🥀

821 195 11
                                    

ටේහයුන්ගේ වචන ඉස්සරහ ජන්කුක් බලන් හිටියේ නිරුත්තරව ගොළුවෙලා. සමහරවිට ජන්කුක් ඒ වෙලාවෙ පොඩි උත්සාහයක් ගත්තනම්, එක වචනෙකින් හරි එයා නෙමෙයි වැරැද්ද කලේ ඔයා කියලා අනාගතේ පසුතැවෙන්න අවස්ථා අඩු වෙන්න තිබුනා. ඒත් ජන්කුක්ට එහෙම කරන්න හිතුනත් හිත ඉඩ දෙන්න නැති වෙන්න ඇති. ටේට විරුද්ධ වෙලා වැඩක් නැති වුනත් විරුද්ධ වෙලා වුණු දේ සිද්ද නොවෙන්න දෙන්න තිබුනා නේද කියන හැඟීම ජන්කුක්ව වලක්වන්න ඇති.

ටේහ්යුන්ග් ගිහින් ටිකක් වෙලා යනකන් ජන්කුක් ඔහේ බලන් හිටියා. ජන්කුක්ගේ කම්මුල් තෙමන් කඳුළු ගලාගෙන ගියා. ජන්කුක්ට දැන් දුකයි වගේම සතුටුයි. ජන්කුක් හීන මැව්වේ කවදාහරි ටේට එයාගේ හැමදේම ගොඩාක් ආදරෙන් දෙන්න.ඒත් සිද්දවුනේ හොඳ දෙයක් නෙමෙයි. තමන් වෙන කෙනෙක්ට අයිති කෙනෙක් එක්ක මේ විදියට හැසිරුණු එක ජන්කුක්ට පසුතැවීමක් ඇති කළා. ඒත් මේ විදියට හරි ටේහයුන්ග්ටම විතරක් අයිතිවෙන්න පුළුවන් වුණා කියන හැඟීම ජන්කුක්ව සතුටු කළා.

තවත් මෙහෙම බලන් ඉන්න එකෙන් කාලය ආපස්සට හරවලා සිද්දවුණු දේවල් වලක්වන්න බැරි බව ජන්කුක් පැහැදිලිවම දන්නවා.

ජන්කුක් තමන්ගේ ඇඟෙන් දැනෙන වේදනාවත් ඉවසන් වොශ්රූම් එකට ගිහින් ටබ් එකටත් වතුර පුරවන් ටබ් එක අස්සට බැස්සේ සිතුවිලි ගොන්නක අතරමන් වෙන්න.

වතුර බින්දු එක්ක හැප්පෙන ටේහයුන්ගේ දත් සලකුණු වලින් හැඩ වෙලා තිබුණු නිරුවත දිහා බලද්දී ජන්කුක්ගේ මුහුනෙ කලකිරීම මිශ්‍රිත හිනාවක් ඇඳුනා.

ඒත් එක පාරටම ජන්කුක්ගේ පපුවෙන් ලොකු වේදනාවක් එක්කම ජන්කුක්ට දැනුනා එයාගේ පපුව දිගේ විදුලිසැර වැදෙනවා හා සමාන වේදනාවක්. ඒ එක්කම ජන්කුක්ට කැස්සක් ඇවිත් ජන්කුක්ගේ පපුවේ වේදනාව තවත් වැඩිවුණා. පපුව අතකින් පිරිමැදගන්න අතරේ ජන්කුක්ට ආයෙමත් කැස්සක් ආවේ ජන්කුක්ට ලේ වමනේ කරවමින්.

බාත්ටබ් එකේ වතුර රතු පාට කරවමින් ජන්කුක්ට ලොකු වේදනාවක්‌ එක්ක ලේ වමනේ වුණා. ලේ වමනේ වෙන එක නතර වෙද්දී ජන්කුක්ගේ ඇඟ වෙවුලන්න පටන්ගෙන තිබුනා. මේ අතරේ ජන්කුක්ට දකින්න ලැබුන ටබ් එකේ තිබුණු රුධිරය මිශ්‍ර වතුරේ වගේම තමන්ගේ අතෙත් ගාර්ඩනීයා පෙති තියෙනවා කියලා. ඒ දර්ශනය ජන්කුක්ට තමන් ගැනම අනුකම්පාවක් ඇති කලේ ජන්කුක්ගේ මුහුනෙ සමච්චල්සහගත හිනාවක් ඇඳෙද්දී.

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now