20🥀

841 192 2
                                    

ටේටේ, 

ඔයා මේක කියවනවා කියන්නේ මම මේ ලෝකේ තවදුරටත් නෑ කියන එක.ඒ වගේම දැන් ඔයා මේක කියවනවා ඇත්තේ මං ඇත්තටම කවුද කියලා දැනගෙන ලොකු තරහකින් වෙන්න ඇති.හැමදේටම මට සමාවෙන්න.ඔයාව ස්කූල් කාලේදී මුලින්ම දැක්ක දවසේ ඉඳන් මගේ හිත ඔයාට ආදරේ කරන එක මට නවත්තගන්න බැරිවුනා.මං ඒ කාලෙදිම ඔයාට ලංවෙන්න හැදුවා.ඒත් මට එතකොට තමයි දැනගන්න ලැබුනේ ඔයා කිසිම කෙනෙක් එක්ක මීට කලින් Realationship එකක් පවත්වලා නෑ කියලා.ඔයා එහෙම නොකළේ ඔයා ඒ දේවල් වලට අකමැති නිසා කියලා මට දැනගන්න ලැබුනා,

ඉතින් මං වගේ දුප්පත් අනාථයෙක්ට කොහොමත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියලා හිතලා තමයි මං හිතුවේ දුර ඉඳන් ඔයා දිහා බලන් ඉන්නවා කියලා.

ඒත් දවසක් ස්කූල් එකේ සමර්හට් එකට යද්දී මන් දැක්කා ඔයා ඒකෙ කොනකට වෙලා ඉඳගෙන මොනවදෝ තනියම කියව කියවා ඉන්නවා.ටිකක් ලං වෙලා බලද්දී තමයි මං දැක්කේ ඔයාගේ ඇස් වල කඳුළු පිරිලා තියෙනවා,මම ගොඩක් වෙලාවට ස්කූල් එකේ ළමයි මට කරදර කලාම සමර්හට් එකට තමයි.ඉතින් මං වෙනදාටත් හැංගිලා ඉන්න වා කපොල්ලට නැගලා සිවිලිම උඩ ඉඳන් කොළ කෑලි වල ලියලා ඔයා එක්ක කතා කරන්න පටන්ගත්තා.ඔයාට මතකද ටේටේ ඔයාමනේ මට නමක් දැම්මේ Mr.bunny කියලා.මං ඔයා එක්ක ඒ විදියට කඩදාසි වල ලියලා කතා කලේ කටහඬින් මාව අඳුරගන්න නිසා,

කොහොමහරි මට Mr.bunny විදියට පුළුවන් වුනා ඔයාට ගොඩක් ලංවෙන්න.ස්කූල් කාලේදී වගේම කොලේජ් කාලෙදිත් මට පුළුවන් වුනා ඔයා ළඟින්ම ඉඳගෙන ඔයාට ශක්තියක් වෙන්න.ඔයා ඉරේනා එක්ක එන්ගේජ් වුනාට පස්සෙත් මං ඔයාව අතෑරියේ නැත්තේ මට ඔයා ලඟින් Mr.බනී විදියට හරි ඉන්න ඕනි වුනා,ඈත්වෙන්න ලෝභ හිතුනා.

ඔයාව කාලයක් තිස්සේ Mr.bunny විදියට ආශ්‍රය කලාම මං දැනගත්තා අනිත් අය ඉස්සරහ එයාලට පේන්න ගොඩක් තද හිතක් තියෙන රළු චරිතයක් වුනාට ඔයා ඇතුලේ ඉන්නේ අහිංසක හදවතක් තියෙන පොඩි ලමෙක් වගේ හුරතල් කෙනෙක් කියලා.

වෙන කාටවත් දකින්න නොලැබෙන වෙනස් ටේ කෙනෙක්ව මට සම්ර්හට් එක ඇතුලෙදි මුණගැහුනා.

ඒ විශ්වාසය නිසාමයි මට හිතුනේ මගේ හිතේ තිබුණු දේවල් කෙලින්ම කියන්න.ඒත් වුනේ මං හිතුවෙවත් නැති දෙයක්නේ.ඔයා දන්නවද ටේටේ,එදා ඔයා මට මැරෙන්න කිව්වම මට හිතුනේ ඇත්තටම මැරිලා යන එක හොඳයි කියලා.මට ජීවත්වුණු ටික කාලේදී දරාගන්න බැරිතරම් ප්‍රශ්න ඇවිත් තියෙනවා.ඒත් කවදාවත් මන මැරෙන්න ඕනි කියලා හිතුවේ නෑ.හැබැයි ඔයා එදා මට මැරෙන්න කිව්වම මං sucide කරගන්න හදන තත්වෙටම ඔයාගේ ඒ වචන ටික මාව පත්කලා.සමහරවිට ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් මම ඔයාට ආදරේ කරන නිසා වෙන්න ඇති.චිමී නිසා තමයි මං එදා නැවතුනේ.ඒත් එදා ඔයාගේ ජීවිතේ ඔයා මෙච්චරටම ආදරේට වයිර කරන හේතුව දැනගත්තට පස්සේ තමයි මට හිතුනේ ඔයා කොයිතරම් දේවල් තනියම දරාගෙනද කියලා.

එදා මම හිතාගත්තා මට ආදරේ කියන දේ උරුම නැතත් පුංචි කාලේ ඉඳන්ම ඔයාට ඒ නැතිවුණු ආදරේ ලබාදෙන්න ඕනි කියලා.ඒ විදියට තමයි මම ඔයාගේ අප්පව ඔයාට ආපහු මුණගැස්සුවේ.මොකද මම වගේ අනාථයෙක් අත්දැකීමෙන් දන්නවා පවුලක,පවුලකින් ලැබෙන ආදරේ වටිනාකම.

ඔයාට හැමදේම ලැබුනට පස්සේ මට ගොඩක් සතුටු හිතුනා ටේටේ,ඔයාගේ පවුල සම්පූර්ණ වුනා,ඔයාගේ අප්පව ආයෙමත් මුණගැහුනා,හොඳ බිරිඳක් ලැබුනා,

මගේ ටේටේ ට හැමදේම අංගසම්පූර්ණව ලැබුනට පස්සේ මට දැනුනු සතුට විස්තර කරන්න බෑ.මම ඔයාගේ සතුටට හේතුවන කෙනෙක් නොවුනත් ඔයාට ඒ සතුට ලබාගන්න උදව්කරන්න පුළුවන්වුණු එක මට ඇති.

හැබැයි ටේටේ එදා ඔයා බීලා පාරේ වැටිලා ඉද්දි මට හිතාගන්න බැරිවුනා,ඔයාව මං එදා මගේ එපාර්ට්මන්ට් එකට එක්කන් ගියේ ඒ වෙලාවේ මට කරන්න පුලුවන්වුනු හොඳම දේ ඒක වුනු නිසා,එදා ඔයා හිතුව දේවල් නෙමෙයි වුනේ.ඔව් මං දන්නවා මට ඔයාව නවත්තන්න බැරිවුණා.ඒත් දැන් සේරම සිද්දවෙලා ඉවරයි.ඒ විදියට හරි මගේ හැමදේම ඔයාට දෙන්න පුළුවන් වුනු එක ගැන මට පසුතැවීමක් නෑ.එදා මම දැනගත්තා ඔයා Mr.bunny ගැන හැඟීමක් තියෙනවා කියලා.ඒත් මම කැමති නෑ ටේටේ මං නිසා ඔයාගේ ජිවිතේ විනාස වෙනවට.කොහොමත් දැන් ඔයා දන්නවනේ Mr.bunny කියන්නෙත් ජන්කුක් වුනු මටමයි කියලා.ඔයාව රැවට්ටුවා කියලා මාත් එක්ක කේන්තියෙන් ඇත්තේ.එහෙම නේද,

ඒ හැමදේටම සමාවෙන්න ටේටේ...

මම ඔයාගෙන් ඈත්වෙන්න තීරණය කලේත් ඔයා මං ගැන හිතන නිසා.දැන් ඔයාට හැමදේම ලැබිලා තියෙද්දී මගෙන් වැඩක් නෑ.මගේ ටේටේ සතුටින් ඉන්නවා නේද,

ඔයාගේ Mr.bunnyට ඔයා ලඟින්ම ඉන්න බැරිවුනත් ඉන්න තැනක ඉඳන් බලන් ඉන්නම් ඔයා දිහා.

-------------------------------------------------------------

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now