යුනී එකේ රූෆ්ටොප් එකට ආපු ජන්කුක් කඳුළු ගලන ඇස් වලින් නිල් අහස දිහා බැලුවේ මේ අහස තමන් දකින අන්තිම මොහොත නිසයි. තමන්ගේ ඇස් තදින් පියාගෙන ගැඹුරු හුස්මක් ගත්ත ජන්කුක් අඩියක් ඉස්සරහට තිබ්බේ තමන්ගේ ජිවිතේ සදහටම අත්හරින සිතුවිල්ලෙනුයි. ඒත් එක පාරටම හුරුපුරුදු දෑතකින් ජන්කුක්ව ඇදලා ගද්දී ඒ කවුද කියලා දකින්නත් කලින් ජන්කුක් එක් කම්මුලක් වේදනාවෙන් අල්ලන් බිම වැටිලා හිටියා.
"චිම්"
"මොනවද කරන්න හදන්නේ අහ්හ්... මැරෙන්නද දැන් ඕනි. එහෙනම් මාවත් මරාගෙන මැරියන්"
හවස ලෙක්චර් එකට තාමත් ජන්කුක් ආවේ නැති නිසා ජන්කුක්ව හොයන්න ගිය ජිමින්ට තවත් ලමෙකුගෙන් දැනගන්න ලැබුනේ ජන්කුක් රූෆ්ටොප් එක පැත්තට දුවනවා දැක්කා කියලයි. ඒ දේ ඇහුනුගමන් මොකක්හරි වැරදි දෙයක් වෙන්න යන බව තේරුණු ජිමින් පුළුවන් ඉක්මනින් රූෆ්ටොප් එකට දුවන් ආවේ ජිමින් හිතන දේ නම් සිද්දවෙලා තියෙන්න එපා කියලා හිතින් දහස්වාරයක් වැඳවැටෙමින්.
ජිමින් ජන්කුක් ඉන්න තැනට එද්දී දැක්කේ ජන්කුක් රූෆ්ටොප් එකේ අයිනටම ගිහින් පහල බලන් ඉන්නවයි ඒක දැකල සැනසුම් සුසුමක් හෙලපු ජිමින් ජන්කුක්ව කලබල කරන්නේ නැතුව පිටිපස්සෙන් ගියත් ජන්කුක් එකපාරටම ඉස්සරහට අඩියක් තිබ්බේ ජිමින්ගේ හදගැස්ම මොහොතකට නවත්වලයි. ජන්කුක් වැටෙන්න කලින් අතින් ඇදල කම්මුලට ගැහුව ජිමිනුත් ඒ වෙලාවේ ගොඩක් බය වෙලා හිටියා.
"මියානේ චිම්..මට තවත් මේ දේවල් ඉවසන් ඉන්න බෑ"
ජිමින් හිතේ තිබ්බ වේදනාවයි කේන්තියි නිසා ජන්කුක්ට කෑ ගහද්දි ජන්කුක් බිම ඉඳන්ම අඬමින් කතා කලා.
"මට යන්න ඕනි චිම්. කවුරුත් මට කැමති නෑ.ඒ නිසා හැමෝම මාව දාලා යනවා මන් කිසිම වැඩකට නෑ"
"කට වහගන්නවා ජන්කුක්.ඔයාව මට වටිනවා, ඔයාව ඔයාගේ අම්මට වටිනවා. ඔයාගේ අම්මා ගැන අපි දන්නේ නැති වුනාට එයාටත් ඔයාව වටින නිසා නේද ඔයා මේ විදියට ජීවත් වෙන්නේ ම්ම්ම්...නිකන් ඔයාගේ ජිවිතේ විනාස කරගන්න එපා කුක්. මේ ලෝකේ හැම කෙනෙක්ටම වටිනාකමක් තියෙනවා"
"අනික ඔයාට පොඩ්ඩක්වත් මාව මතක් වුනේ නැද්ද අහ්හ්... ඔයා අද මොනවහරි කරගත්තනම් මම කවදාවත් මටම සමාවක් දෙන්නේ නෑ..ඔයා කැමතිද මන් මගේ යාළුවාව බේරගන්න බැරිවුණු එකට මුළු ජීවිත කාලෙම විඳවනවා බලන්න"
ජිමින් අවේගයෙන් කියද්දී ජන්කුක්ට තේරුණා එයා කරන්න ගිය දේ බරපතලකම. ඒක ටේහයුන්ගේ වචන වලින් තුවාල වුණු ජන්කුක්ගේ හිතට තවත් වේදනාවක් වුණා.
"මියානේ චිම් මියානේ"
තමන් මොකක්ද කරන්න ඕනි කියලා හිතාගන්න බැරිවුණු ජන්කුක් තවත් හයියෙන් ඉකි ගහ ගහා අඬන්නට වුනා. ජිමින්ට එයාගේ යාළුවා මේ විදියට අඩනවා බලන් ඉන්න බැරිනිසා එයත් ජන්කුක් ඉන්න තැනින් දණගහගෙන ජන්කුක්ව වැලඳගත්තේ ඔහුගේ හිස ආදරෙන් පිරිමදිමින්.
"ෂ්ෂ්ෂ් කුකී අඬන්න එපා. ඔයා අද උදේ ඉඳන් හොඳට හිටියනේ ඇයි මේ එක පාරටම"
"මගෙන් ඒ ගැන අහන්න එපා චිම්. plz ඒ ගැන අහන්න එපා"
ජිමින් ජන්කුක්ගේ මේ වෙනසට හේතුව ඇහුවත් ජන්කුක් කලේ හේතුව අහන්න එපා කියලා මුමුනමින් ජිමින්ට තවත් තුරුල් වුණු එක විතරයි.
-----------------------------------------
ВЫ ЧИТАЕТЕ
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
ФанфикTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop
![🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]](https://img.wattpad.com/cover/293136431-64-k933789.jpg)