17🥀

782 180 1
                                    

ටේහයුන්ග් එදා ජන්කුක්ගේ ගෙදරින් පිටත් වෙලා ආපු දවසෙන් පස්සේ දින සති ගෙවුනේ හරි ඉක්මනට. ඉරේනා මොනවිදියේ වරදක් කලත් තමන්ගේ ඔම්මා වෙනුවෙන් තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් ඒ හැමදෙයක්ම ලෝකයාගෙන් වසන් කරලා සතුටින් ජීවිතය ගෙවන යුවලක් විදියට පෙනීහිටින්න ටේහයුන්ග්ට සිද්දවුනා.ටේහයුන්ග් සහ ඉරේනා අතරේ තිබුණු විවාහ සම්බන්ධය කඩදාසියකට විතරක් සීමාවෙද්දී ඉරේනා ඇයට ටේගෙන් නොලැබුණු දේවල් හොයන් වෙනත් අය ලඟට ගියා. ඒත් කිසිම දෙයක් ගැන ටේ හොයලා බැලුවේ නැත්තේ ඉරේනා එක්ක යහපත් සම්බන්ධයක් ඇති කරගන්න ටේහයුන්ග්ටත් ඕනි වුනේ නැති නිසා.

මාසයක් ගත වෙද්දී ටේහයුන්ග් හිටියේ උමතු පුද්ගලයෙක් වගේ. මාසයක්මුහුණ පුරාවටවැවුණු රැවුල, කොන්ඩේ, බීමත්කම නිසා රතු වෙලා ගිලුණු ඇස් ටේහයුන්ග් ශරීරයෙන් කොච්චර වැරහිලා ගිහින්ද කියන දේ පෙන්නන ලක්ෂණ වුණා. මේ හැම වෙනස්කමක්ම වුනේ ඉරේනාත් ටේහ්යුනුත් අතරේ තිබුණු ගැටළු නිසා නෙවෙයි. මේ මාසේ පුරාවට ටේහයුන්ග් කොච්චර උත්සහ කලත් එයාට mr. බනී එක්ක කතා කරන්න හම්බුනේ නෑ.. ටේහයුන්ග් දන්නේ නෑ ඒ වෙද්දීත් mr. බනී ටේහයුන්ග්ට එයාගේ ජිවිතේ පාඩුවේ විඳින්න දීලා ඒ ජීවිතෙන් ඈත් වෙන්න තීරණේ කරපු නිසා මේ විදියට එයාගේ මැසේජ් වලට ප්‍රතිචාර නොදක්වනවා කියලා.අන්න ඒ හේතුව නිසා ටේහයුන්ග් බීමතට හුරුවුනා. ගොඩක් විඳේව්වා.කොහොමනමුත් ටේ පුරුද්දක් විදියට mr. බනීගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැතත් තමන්ගේ හිතේ තියන හැම දෙයක්ම මැසේජ් එකක් විදියට mr. බනීට යවන්න පුරුදු වුණා.

ඒ වගේම mr. බනී දැනගෙන හිටියෙත් නෑ එයා ටේහයුන්ග්ව අතාරින්න තීරණය කලේ ටේහයුන්ග්ට mr. බනීව ඕනිම වුණු මොහොතේ කියලා.Mr. බනී දන්නවනම් ටේහයුන්ගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ ටේගේ ආදරේ වුණු Mr. බනීව එයාට ලැබුනම කියලා කවදාවත් අත්නොහැර ඉන්න තිබුනා.

ටේහයුන්ගේ තත්වේ මේ විදියට වෙද්දී ජන්කුක් හිටියේ ජිමින් එක්ක hospital එකේ.

ගතවුණු මාසෙක කාලය පුරාවට ජිමින් ජන්කුක් ලඟින්ම හිටියා. ජන්කුක්ට යාලුවෙකුගේ උණුහුම, සහෝදරයෙකුගේ උණුහුම ජිමින්ගෙන් ලැබුනා. ජන්කුක්ට දැනුනේ නැතත් ආදරවන්තයෙකුගෙන් ලැබෙන්න ඕනි උණුහුම ජිමින් ජන්කුක්ට දෙන්න උත්සාහකළා.

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now