13🥀

821 189 9
                                    

ටේහයුන්ග්ට එයාගේ නැතිවුණු සතුට ලැබෙද්දී ජන්කුක්ගේ තත්ත්වෙනම් මීට වඩා ගොඩක් වෙනස් එකක් වුණා.

ජන්කුක් එයාට නොකියම යුනී ආවේ නැති නිසා ජිමින් කලින් දවසෙත් ජන්කුක්ගේ අපාර්ට්මන්ට් එකට ඇවිත් ගිහින් තිබුනා. අදවත් ජන්කුක් ඉන්නවද බලන්න තමයි ජිමින් ජන්කුක්ගේ අපාර්ට්මන්ට් එකට ආවේ.

ජිමින් එද්දී ජන්කුක්ගේ අපාර්ට්මන්ට් එකේ දොර ඇරලා දාල තිබුනා.ඇරලා දාල තිබුණු දොරෙන් ජන්කුක්ගේ පුංචි කාමරේට ගිය ජිමින් දැක්කේ ඇඳේ වැතිරිලා අඬන ජන්කුක්වයි.

"කුකී "

"චිමී "

"ඇයි කුකී මේ. තාමත් අඬන්නේ ටේහයුන්ග් වෙනුවෙන්ද. ඇයි ඔයා තේරුම්ගන්නේ නැත්තේ "

"තේරුම් ගන්න දෙයක් නෑ චිමී. එයාගේ වෙඩින් එක හෙට "

ජන්කුක් එයාගේ හැඬුම් පාලනේ කරන් කියද්දී ජිමින් ඒකට සතුටු වෙන්නද නැත්තන් දුක් වෙන්නද කියලා හිතාගන්න බැරුව තමන්ගේ හිතත් එක්ක තරවටු කළා.

ටේහයුන්ගේ විවාහයෙන් ජන්කුක්ව තමන්ට අයිතිකරගන්න අවස්ථාවක් ලැබුනත් තමන්ගේ ආදරේ මේ විදියට විඳවනවා බලන්න ජිමින්ට බැරිවුණා.

ජිමින් පුරුදු විදියටම ජන්කුක්ව එයාගේ තුරුලේ සනසද්දී ජන්කුක් එයා වෙනුවෙන් කවදත් ලැබුණු ඒ උනුහුමට තුරුල් වුනා.

---------------------------------------------

එදා දවස ඉක්මනින් ගතවෙද්දී ටේහයුන්ගේ විවාහ දිනය උදා වුණා.

ටේගේ අප්පා ඉදිරියේ ටේ ඉරේනා එක්ක ජිවිතකාලයක් එකට ඉන්න පොරොන්දු දුන්නා.

පල්ලියේ තිබුණු කටයුතු වලින් පස්සේ හවස ටේහයුන්ග් එක්ක ඉරේනා එයාලට නවතින්න ලෑස්ති කරලා තිබුණු හොටෙල් එකට ආවා. ඉරේනා නම් හොටෙල් එකේ ක්ලබ් එකට ගිහින් එයාගේ යාලුවෝ එක්ක සතුටු වෙද්දී ටේ හොටෙල් එකෙන් එලියට ඇවිත් පාරේ ඇවිදින්න ගියා. මොකද එයාගේ කැමැත්තෙන් මේ වෙඩින් එක සිද්දවුනත් ටේට ලොකු හිස්බවක් දැනුනා.

ඒ වගේම එයාට Mr. බනී ලඟින් හිටියනම් කියලා හිතුනා.Mr. බනී ගැන එයාට දැනෙන හැඟීම ගැන හිත හිතම වෙනම ලෝකෙක හිටිය ටේහයුන්ග් ආපහු හොටෙල් එකට යනකොට ගොඩක් රෑ වෙලා තිබුනා.

ඒත් ටේ එයාලගේ රූම් එකට යද්දී දැක්කේ සැමියෙක් මංගල රාත්‍රියකදී කොහෙත්ම දකින්න සුදුසු දර්ශනයක් නෙවෙයි.

ටේ කාමරේට යද්දිත් ටේහයුන්ග් මීට කලින් දැකපු නැති පිරිමි කෙනෙක් එක්ක ඉරේනා ඇඳේ නිදාගෙන හිටියා.බිම සී සීකඩ විසිරිලා තිබුණු ඇඳුම් වලින් එතන වෙලා තිබුණු දේ තේරුම්ගන්න ටේහයුන්ග්ට වැඩි වෙලාවක් ගියේ නෑ. දැනටමත් හිතේ වේදනාවෙන් ඉන්න ටේහයුන්ග්ට මේ දකින්න ලැබුණු දේත් එක්ක මාරාවේස වුණා. නිදාගෙන ඉන්න පිරිමි කෙනාගේ බෙල්ලෙන් අල්ලගත්ත ටේහයුන්ග් ඒ මනුස්සයට තමන්ගේ තරහ නිවෙනකන් නහයෙන් කටින් ලේ පෙරන් බිම වැටෙන්න ගැහුවා. ඉරේනා මේ හැමදේම පුදුමෙන් වගේම කලබලෙන් පැත්තකට වෙලා බලන් හිටියා. ටේහයුන්ග් ඊළඟට හැරුනේ ඉරේනා දිහාවට.

"මොන ජාතියේ ගෑනියෙක්ද තමුන්, වෙඩින් එක දවසෙම මේ විදියට හැසිරෙන්නේ.එක එකා එක්ක නිදාගන්න ජාතියේ ජරා ගෑනියෙක් "

ටේ එයාගේ කේන්තියෙන් රතු වෙලා තිබුණු ඇස් වලින් ඉරේනා දිහා බලන් කිව්වත් ඉරේනා නම් ඒ දිහා බලන් හිටියේ සමච්චලේට හිනා වෙන ගමන්.

"එක එකා එක්ක නිදාගන්නේ නැතුව ඉන්න තිබ්බා. කසාද බැන්ද මිනිහා ළඟ හිටියනම්. වෙඩින් නයිට් එකට ළඟ නැත්තං මං වෙන කොහොමද මට‍ ඕනි දේවල් ගන්නේ "

ඉරේනාගේ ඒ වචන ටේහයුන්ග්ව ඇතුලාන්තයෙන්ම බිඳලා දාන්න සමත් වුණා.

හොටෙල් රූම් එකෙන් එලියට ගිය ටේහයුන්ග් කෙලින්ම ගියේ ක්ලබ් එකට. ක්ලබ් එකේ කෙළවරකට ගිය ටේහයුන්ග් එයාගේ දුක නිවෙනකන් බිව්වා.

------------------------------------------

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now