22🥀

1.3K 215 61
                                    

වසර 30කට පසු 

"ඔයා මෙතනට එන්නේ නම් ජිමින් අප්පවයි ඔම්මවයි බලන්න කියලා.ඒත් වැඩිවෙලාවක් ඉන්නේ මේ සොහොන් දෙක ළඟ "

"අනේ ටේ අහකට වෙන්න,මිනිස්සු දැක්කොත් "

ජන්කුක් තමන්ව බැක්හග් කරන් එයාගේ බෙල්ල පිටිපස්සේ තෙත හාදු තියන එයාගේ සැමියා ටේහ්යුන්ග්ව තල්ලු කරනගමන් කෑ ගැහුවා.

"ඉතින් මං ඉන්නේ මගේ හස්බන් එකක්නේ "

"ඔයාවනම් හදන්න බෑ "

ටෙහයුන්ග් සෙල්ලක්කාර විදියට ජන්කුක්ගේ ඇස් වලට එබිලා තොල් මත පුංචි හාදුවක් තියන ගමන් කියද්දී ජන්කුක් රවලා අහක බලාගත්තා.

"එන්න කුකී දැන් අපි යමු.මදැයි මේ සොහොන් දෙක දිහා බලන් හිටියා."

ඔවුන් දෙන්නම හිටියේ එක ළඟ පිහිටලා තිබුණු සරුසාරව මල් වලින් පිරිලා තිබුණු ගාර්ඩනීයා පැළ දෙකක් එක්ක පිහිටලා තිබුණු සොහොන් දෙකක් ළඟ.

"ජිමින් අප්පා කිව්ව විදියට මේ සොහොන් කොත් වල අයිතිකාරයෝ දෙන්නගේ පෙනුමත් අපි දෙන්නා වගේමලු.මේ ජියොන් ජන්කුක් කියන්නේ මගේ අප්පාගේ හොඳම යාලුවා. මගේ පෙනුමත් එයාගේ වගේ නිසා තමයි මටත් ඒ නම දාලා තියෙන්නේ ,එතකොට මේ කිම් ටේහයුන්ග් කියන්නේ ජන්කුක්ගේ ආදරේ "

"ඔයාගේ අප්පා ඒ දෙන්නගේ කතාව ඔයාට කිව්ව දවසේ ඉඳන් ඔයා මේවා හිතනවා වැඩි කුකී "

"ඒත් ටේ මට අප්පාගෙයි ඔම්මගෙයි සොහොන් බලන්න එද්දී මෙතනටත් එන්න හිතෙනවා.ඇයි කියන්න දන්නේ නෑ.ඒත් අපිටත් ඒ දෙන්නා එක්ක බැඳීමක් ඇති කියලා හිතෙනවා මට "

"අනේ මගේ මැණික,සමහර විට අපිට ඒ දෙන්නා එක්ක සම්බන්ධයක් ඇති.ඒත් මතක තියාගන්න ඒ දෙන්නට එකතු වෙන්න බැරි වුනත් මං කවදාවත් ඔයාව මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑ තේරුනාද ම්ම්ම්."

"හ්ම්ම් මේ පාර්ක් ජන්කුක් කවදාවත් මින් ටේහයුන්ග්ව දාලා කොහෙවත් යන්නේ නෑ "

"අදත් වැරද්දුවනේ,පාර්ක් නෙමෙයි ඔයා මින් ජන්කුක් දැන් "

"හී හී "

"එන්න දැන්.ටේසුට ස්කූල් ඇරෙන වෙලාව හරි.අද බීච් එක්කන් යනවා කියලා මං ප්‍රින්සස්ට පොරොන්දු වුනා"

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now