15🥀

748 183 3
                                    

ටේහයුන්ගේ මුහුනෙ තියෙන වෙහෙසකර පෙනුම දිහා බලන් හැමදෙයක් ගැනම කල්පනා කරපු ජන්කුක් ලෑස්ති වුනේ ටේගේ කමිසේ ටිකක් ලිහිල් කරන්න. ටේගේ දහඩියෙන් තෙත් වෙලා නළලට ඇලිල තිබුණු කොන්ඩේ අතර ඇඟිලි එහාමෙහා අරන් ගිය ජන්කුක්ගේ තොල් අතර හීන් හිනාවක් ඇඳුනේ මුළු කොලේජ් එකම හොල්ලන් ඉන්න දඩබ්බරයා අද එයා ඉස්සරහ චූටි කොටි පැටියෙක් වගේ හුරතල් විදියට නිදන් ඉන්නවා දැකල.

ටේගේ කමිසේ බොත්තම් කිහිපයක් විවර කරපු ජන්කුක් ටේගේ සපත්තු ගලවලා ටේගේ ඇඟ පිහදාන්න තෙත රෙදි කෑල්ලක් ඇරන් එන්න හිතාගෙන ඇඳ ලඟින් නැගිට්ටා.

ඒත් එකපාරටම සිද්දවුනේ ජන්කුක් හිතුවෙවත් නැති දෙයක්. ටේහ්යුන්ග් ජන්කුක්ගේ අතකින් ඇදල ඇඳ උඩ පෙරලගත්තේ ජන්කුක්ව පුදුමයට පත්කරලා වගේම සිද්දවුණු දේ ගැන හිතන්න ජන්කුක්ට කාලයක් ඉතුරු කරන්නේ නැතිවයි. ජන්කුක් පුදුමයෙන් ලොකු වුණු ඇස් වලින් ටේහ්යුන්ග් දිහා බලන් ඉද්දී ටේහයුන්ගේ ඇස් වලනම් තිබුනේ රාගයක්ම විතරයි.

ටේහයුන්ග් ජන්කුක්ගේ දිහා භාගෙට පියවුණු මත්වුනු ඇස් වලින් තත්පර කිහිපයක් බලන් ඉඳලා කට කොනෙන් හිනාවෙලා ජන්කුක්ගේ තොල් කෑදරකමෙන් අල්ලගත්තා.

ටේහ්යුන්ග් බලෙන්ම මේ විදියට ජන්කුක්ව සිපගද්දී ජන්කුක්ගේ පුදුමෙන් ලොකුවෙලා තිබුණු ඇස් තවත් ලොකුවුනා. වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වුණු ගමන් ජන්කුක් ටේහයුන්ග්ව තමන්ගේ ශරීරයේ මුළු ශක්තියම යොදවලා තල්ලු කලා. ඒත් ටේහයුන්ගේ ශක්තිය ඉස්සරහ පුංචි ශරීරයක් තිබුණු ජන්කුක්ගේ උත්සාහයෙන් වැඩක් වුනේ නෑ. ඒ වෙනුවට ටේහ්යුන්ග් ජන්කුක්ගේ ශරීරය එයාගේ දරදඬු අත් අතරට හිරකරන් ගොඩාක් රළුවිදියට ජන්කුක්ව සිපගත්තා. තමන්ගේ හිත කොච්චර මේ කරන දේ වැරදි කිව්වත් ජන්කුක්ගේ ශරීරය ටේගේ පහස ඉල්ලුවා. අවසානෙදි ජන්කුක් ටේට කැමති දෙයක් කරගන්න ඉඩහැරියේ තවත් ටේට විරුද්ධ වෙන එකෙන් ප්‍රතිපලයක් නැති නිසා.

ජන්කුක් ඒ විදියට ටේගේ පහසට නතුවෙද්දී ආදරයකින් තොර ඒත් රාගය, වේදනාව, වින්දනය විතරක් පිරුණු දිගු රැයකින් පස්සේ ටේගේ නොදැනුවත්කමින් වුනත් ජන්කුක්ව ටේට සදහටම ශාරීරිකව අයිති වුණා.

පහුවදා උදේ ජන්කුක්ට වෙනදාටත් කලින් ඇහැරුනේ ඇඟට නුහුරු අමුතු හැඟීමක් එක්ක. ජන්කුක් වෙනද විදියටම ඇඳෙන් බැහැලා යන්න හැදුවත් නැගිටින පරක්කුවට එහෙම්මම ඇදගෙන වැටුනේ යටිකයේ ඉඳන් කොඳුනාරටිය දිගේ ගලාගෙන ගිය වේදනාව නිසයි.

"අහ්හ් "

ජන්කුක් කොන්ද වගේම යටිබඩත් පිරිමදින ගමන් කාමරේ පුරා විසිරිලා තියෙන ඇඳුම් දිහා බලද්දී ජන්කුක්ට කලින් දවසේ රෑ සිදුවුණු හැමසිදුවිමක්ම එක පෙලට මැවිලා පේන්න ගත්තා. මුළු ඇඟම බයකින් වෙලා ගනිද්දී ජන්කුක් හෙමින් සීරුවේ බැලුවේ එයාගේ එහා පැත්තේ නිරුවතින්ම නිදන් ඉන්න ටේ දිහා.ටේ තාමත් නිදි. ජන්කුක්ට හරිනම් සතුටු හිතෙන්න ඕනි. ආදරේ කරද්දී තමන්ගේ ආදරවන්තයට සදහටම තමන්ව අයිතිවෙන එක ලොකු සතුටක් ගෙනත් දෙන දෙයක්. ඒත් ජන්කුක්ට සතුටක් වෙනුවට ලැබුනේ එයා වැරදිකාරයෙක් කියන හැඟීම. ජන්කුක්ගේ හිත ජන්කුක්ට දොස් කිව්වා තව එක පාරක් ටේව නවත්තන්න උත්සහ කලානම් කියලා. ඒ මොනව වුනත් දැන් සිද්දවෙන්න තිබුණු දේවල් සිද්දවෙලා ඉවරයි.

ජන්කුක් වරදකාරී හැඟීමකින් තමන්ගේ නිරුවත් ශරීරය පුරා ටේහ්යුන්ග් ඇති කරපු සලකුණු දිහා බැලුවා. මේ අතරේම ටේහ්යුන්ග් හෙමින් හෙමින් ඇස් ඇරලා ඇඳ උඩ වාඩිවුණේ ජන්කුක්ව ලැජ්ජාවට වගේම ටේගේ ප්‍රතිචාරය ගැන කුතුහලෙන් බිම බලගනිද්දී.

වටපිටාවේ තියෙන දේවල් වගේම ඊයේ රෑ ගැන තිබුණු අපහැදිලි මතකයන් එක්ක ටේට වෙලා තියෙන දේවල් තේරුම්ගන්න වාඩිවෙලා ගියේ නෑ.

"තමුසේ මේ මොනාද කලේ අහ්, සල්ලිවලටද නැත්තන් තමුන්ගේ ඇඟේ අසහනේ පිටකරගන්නද, මං හිතුව ආදරෙයි ආදරෙයි කියලා පස්සෙන් එද්දී මේටික ඕනිවෙලා තමයි කියලා. දැන් හරිද තමුන්ට ඕනි දේවල් ඔක්කොම වුනාද "

ටේ ජන්කුක්ගේ කම්මුලට පාරක් ගහලා තරහෙන් කෑ ගහගෙන ගියේ ජන්කුක් තමන්ගේ හිතේ කොනකවත් තිබුනේ නැති දෙයක් ගැන කියනගමන් ටේ එයාට අපහාස කරන හැටි වේදනාවෙන් පුපුරු ගහන කම්මුලත් අල්ලන් බලන් ඉද්දී.

ජන්කුක්ට ටේ මේ විදියට එයාට අපහාස කරද්දී දැනුනේ ටේගෙන් ප්‍රතික්ෂේප වුණාටත් වඩා දුකක්.

අන්තිමේ ටේහ්යුන්ග් ජන්කුක්ගේ එපාර්ට්මන්ට් එකෙන් පිටවෙලා යනකන් ජන්කුක් ඇඳ උඩට වෙලා බලන් හිටියේ කිසිම හැඟීමක් නැති කෙනෙක් ගානට.

----------------------------------------------------

🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]Where stories live. Discover now