03.Naked morning yoga - part II (The Underpant Thief)

4.3K 427 483
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






වෝට් කමෙන්ට් කරන්න ගායිස් 🌚👍

♡︎

' ආයිෂ්..ඇයි මේ මිනිහා අද ජොගින් කරන්න යන්නැත්තෙ.. මටත් ලේට් වෙනවා..'

ජිමින් එයාගෙ ගෙදර බැල්කනියට වෙලා බලාගෙන හිටියෙ එයාගෙ නපුරු අසල්වාසියා ගෙදරින් එළියට යනකම්.විනාඩි දහයක් විතර ගත වෙලා තිබුණත් අද තවම ජන්ග්කුක් ගෙයින් එළියට ආවෙ නෑ.

ජිමින් බලාගෙන හිටිය සුභ මොහොත උදා උනේ ජන්ග්කුක් එයාගෙ තඩි බල්ලො දෙන්නත් එක්ක ගෙදරින් එළියට ආවම.. ජන්ග්කුක් ඇවිදින මංතීරුව දිගේ දුවනකොට ජිමින් එසැනින් ක්‍රියාත්මක වෙලා කිචන් එකට දුවලා ගිහින් ගම්මිරිස් කුඩු බෝතලෙත් අරගෙන ගස් වැට ළගට ආවා.

එදා ජන්ග්කුක් තමන්ට කරපු දේට ජිමින් හදන්නේ මේ සතියෙ තුන්වෙනි පාරටත් ජන්ග්කුක්ගෙන් පළිගන්න.ඒ ජන්ග්කුක්ගෙ යට ඇඳුම්වලට ගම්මිරිස්කුඩු හලලා.

ජිමින් ජන්ග්කුක්ගෙ වත්තට පැනලා එළියෙ තිබුණ රෙදි වැලට ඇස් අරගෙන ගියත් එතන එයා බලාපොරොත්තු වුන විදිහට ජන්ග්කුක්ගෙ යට ඇඳුම් තිබුණෙ නෑ..

' ෆක්..අද නම් ගෙට පනින්න වෙයි..'

ජන්ග්කුක් එන්න කලින් වැඩේ කරන්න ඕන හන්දා ජන්ග්කුක්ගෙ ගෙදර විවර කරලා තියෙන පුංචි කවුළුවකින් ජිමින් ගේ ඇතුලට පැන්නෙ තමන්ගෙ ඇඟේ තියෙන නම්‍යශීලී බව ගැන ආඩම්බර වෙමින්.

' වාව්..මේ ගෙදර නම් පට්ට..'

බ්ලැක් තීම් එකට ඩිසයින් කරලා තියෙන ජන්ග්කුක්ගෙ ගෙදරට හිත ගියපු නිසා ජිමින් ඒ ගෙදර ලස්සන බලන්නත් අමතක කලේ නෑ.ගම්මිරිස් කුඩු බෝතලේ එක අතකින් මිරිකගෙන ජිමින් සාලෙ පුරාවට ඇස් යැව්වා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now