Poem 07

82 24 2
                                    

ස්ට්‍රෝබෙරී සුවදින් නැහැවුනු
සුරලොවට එන මාවතේ හිද
සිනහවෙන්ම පිරුණු ඔබේ මතකයන්
අකුරු කරන්නම් මෙසේ මම

නොදනී මම කුමක් කියන්න දැයි
වාසනාවත් අවාසනාවත් මැද
ගිලුනු කල්පනා සාගරයක
දෝලනය වේ මම සදාකාලිකවම

හමුවුනා පැතූ සැබෑ ආදරයම
කිමද රැකගන්නට බැරි සදහටම
වෙන්නට පැතුවත් සිහිනයක්ම
කෙසේ වූයේ ද දුක්බර කදුලක්ම

බලාපොරොත්තුවක් ඉතිරි කොට
ගියේ නැවත එන්නට දිලිසෙන දෑස් සොයා
සිතම නිවනා බැල්ම සැගව ගොස්
රෝස පාත්තිය බලා හිදී ඔබ එන තුරා

අත් නොහරින්ම් කියූ අත් නැහැ අද මා ලග
පැවසූ වේ ඒ අවසන් වදන් කියා දනී නම් මම
ඔබ වෙනුවට හීදී මම ඔතන
වෙන්නම් පොරොන්දුවක් නැවතත්
වෙනවා ඔබේ කියා මතු භවයේවත්...

Ding Ding🖤

Every memories reminds me of you one shot by kimbuddy8

Taekook Poems 🐯🐰❤Où les histoires vivent. Découvrez maintenant