රන් සමනල්ලු 1

1.9K 139 117
                                    

අවුරුදු එකොළහක් ජිවිතේ බොහෝ දේ ඉගෙනගත් සුන්දර මතක පිරි ඒ සොදුරු බිම් කඩ දමා යන්නේ කෙලෙසදැයි සිතගන්නටවත් අමායාට නොහැකි විය. ජිවිතේ තමා මෙතරම් දුර එන්නට උදව් වු තමාගේ පාසලට ඇය මහත් ආදරය කළාය. නමුත් ඉතා හොද අද්‍යාපනයයක් ලැබීමට නම් නගරයේ පාසලක් වෙත යාම සුදුසු බව දෙමාපියන්ගෙ කැමැත්ත වූ බැවින් ඇය අකමැත්තෙන් වුවද නව පාසලකට යාමට කැමති වුවාය. පෙර දිනයෙ පාසලේ යහළුවන් සමග කතා කරමින් ඔවුනට සමු දි ගෙදර පැමිණි වෙලේ සිට හැඩූ නිසාදෝ අමයාගේ ඇස් දෙක රිදුම් දෙන්නට විය.නව පාසලට අද යා යුතු ව තිබු නිසා මුහුණ කට සෝදා ගැනීමට නිදි ගැට කඩමින් හෙමින් හෙමින් ඇදෙන් බැස මුහුණ සෝදා ගැනීමට ඇය නාන කාමරයට ගියාය.
උදැසනම නව පාසල වෙත දෙමාපියන් සමග ගිය අමායා එහි ප්‍රදාන ශාලාවෙ අසුන් ගත්තෝය. අලංකාර සැරසිලි සමග විචිත්‍ර අංග වලින් සමන්විත වූ පිළිගැනීමට නොයෙක් දෙසින් පැමිණි ශිෂ්‍යයාවො රැසක් අසුන් ගෙන සිටියාහ. උත්සවය පැය පහකට ආසන්න කාලයක් පැවැත්වූ අතර පාසලේ ඉතිහාසය නව ශිෂ්‍යයාවන්ට් උපදෙස් ආදී බොහෝ කරුණු එහිදී විදුහල්පතිතූමිය විසින් විස්තර කර දුන්නාය.. උත්සවය අවසානයෙ එක් එක්‌ අංශ වලට අදාළ එක් නව ශිෂ්‍යයාවකට එක් ශිෂ්‍යයාවක්‌ පරිදි පාසලේ ආදී සිසුන් නව ශිෂ්‍යයාවන් පිළිගත්හ.
අමායා තමාව පිලිගැනීමට පැමිණෙන යෙහෙළිය කවුදැයි බැලීමට ඉවසිල්ලකින් තොරව බලා සිටියාය. අලුත් පාසලක අලුත් අද්දැකීමක් බැවින් සිතට කුඩා බියක් දැනුනි. බිය මදක් හෝ තුනී කරගැනිමට‍ ඇය තම කෙටි කැරලි ගැසුණු කොණ්ඩයෙ අතේ ඇගිලි වලින් එහෙ මෙහෙ කරමින් තවත් කුඩා කුඩා කැරලි මතු කරමිනි.එය දුටු අමයාගේ මව ඇයට නොරිදෙන සේ කුඩා පහරක් ගැසුවේය...

"පිළිවෙලට ඉන්නවා.. මනුස්සයෙක් වගේ ඉන්න කීවට ඉන්නේ හරකෙක් වගේනේ.. අර එන ලමයව හොද යාලුවෙක් කරගන්න " අමයාගේ මාව පැවසුවාය.

"හා ඉතින් "... මගේ කුඩා පහරෙන් මෙල්ල වූ අමායා නියපොතු හපමින් ඉදිරිය බැලුවාය.

"ඒ පාර කටේ.. අනේ ඇත්තමයි... අන්න ළමයි එනවා."

මව පවසද්දී ආදී ශිෂ්‍යයෝ පැමිණ කළා අංශයේ එක් එක්‌ නව සිසුන්ට මල් කලබ බැගින් දෙමින් මිත්‍ර ශිලිව ඔවුන් පන්තිය වෙත රැගෙන ගියෝය.
අමායා තමා වෙත ආදී සිසුවියක් පැමිණෙන තෙක් ඇස් කන් අයා සිටියාය. ඒ ටිකට ඒ එන යෙහෙළිය සමග යහළු වී කල යුතු දග වැඩ පවා සැලසුම් කර හමාරය.මේ නිසා ඇය බොහෝ උද්යෝගයෙන් තමා වෙත එන ආදී සිසුවීය වෙත නෙත් යොමාගෙන බලා සිටියාය.
ටික වෙලවකින් මහත් කම්මැලිකමෙන් කකුල් අදිමින් ඔහේ වැනෙමින් කුඩා මල් පොකුරක් සමග ළමයෙක් අමයාගේ දෙසට ඇදී ආවය. ඇය ඔහේ අමායා දෙස බැලු අතර ඇගේ ඇස් දෙක මහත් මලානික නමුත් තියුණු එකක් විය. කිසිදු මිත්‍රකමක් ඒ ඇස් වල ගැවී තීබුණේ නැත.කෙටියට කැපු කෙස් වැටිය ඉත්තෑ කුරු මෙන් එහෙට මෙහෙට වැටි අවුල් වී තිබුණි. මුහුණටද කුඩා කෙස් වැටියක් වැටි තිබුනේ පාසලේ නීති වලට අනුව තමා නොව තමාගේ නීති වලට අනුව පාසල හැඩ ගැස්විය යුතුවාක්‌ මෙනි.කුඩා කෙස් වැටිය වුවද ඇයට ගෙන ආවේ මහත් රස්තියාදුකාර පෙනුමකි....
ඔහේ වැනෙමින් ආ ආදී සිසුවිය අමායා දෙස බලා මල් පොකුර ඈත සිටම විසිකලේ අමයාගේ දෙමාපියන් සිටින බවද කිසිදු ගානකට මිම්මකට නොගනිමිනි. අමායා එය අල්ලාගත්තේ නැතනම් එයා බිමට වැටෙනවා නොඅනුමානය.එසේ විසිකළ ආදී සිසුවිය තමා පිටිපසින් පැමිණෙන්න යයි අතින් සන් කරමින් යන්නට ගත්තාය.
අනික් සිසුන් ඉතා කරුණාවන්ත හා කලක පටන් දන්නා අය සේ හිනා වෙමින් අත් අල්ලාගෙන යන දෙස බලමින් තමාව රැගෙන යන්නට පැමිණි ආදී සිසුවිය අමුතු බව සිතුවාය.ඇය ඉතා වේගෙන පන්තියට ඇවිදන් ගියාය. අමායා සෙනග අතරේ අතරමන් වන්නට ගියාය. මේ නිසා ඇය එක් වරම ආදී සිසුවියගේ අත අල්ලගත්තාය.මදකට නැවතුනු ආදී සිසුවිය රෞද්‍ර ලෙස අමායා දෙස බලා අත ගසා දැම්මාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now