රන් සමනල්ලු 3

1K 116 95
                                    

කන්සායි කුමන ජාතියේ කෙල්ලෙක් දැයි කිසිවෙකුට කවදාවත් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි අමායා කන්සායි විසින් තමා වෙත විසිකල ලේන්සුවද අතෙහි තබාගෙන කල්පනා කළාය. තොල අග තාමත් ලේ කැටි නොගැසිම නිසා ලේ ගලමින් පැවතුනේය.ජල කරාමය හැරී අමායා නැවත ලේන්සුව තෙත් කොට එය තෙත මාත්තු කළාය. ඉක්මනින් එය අවසන් කල ඇය පන්ති කාමරයට දිව ගියාය.. තාමත් පාසලට විත් දින දෙකක් ගත වුවද කන්සායි වැනි අය නිසා පාසල මදක් අප්‍රසන්න එකක් බවට පත් වී ඇති බව ඇයට හැගුනි. පන්සිල් ගෙන අවසන පළමු කාලච්චේදය හැගවෙන සීනුව නාද විය. එම කාලච්චේදයට අදාළ ගුරුතුමිය නොසිටි බැවින් ඒම කාලය නිදහසේ සිටිය හැකි විය.නිසංසලා, කිත්මි හා අරුණි වෙනත් විෂයක් කල බැවින් එ වේලෙහි ඔවුන් පන්තියේ නොවූහ.. සිටියේ කන්සායි පමණි ඇය ඔලුව තියාගෙන සිටියාය. ඇයව යාලු කරගැනිමට මෙය හොද අවස්තාවක් බව අමායාට සිතුනි.
ඇය සෙමෙන් කන්සායිගෙ උරහිසට මදක් තට්ටු කළාය.. එනමුත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවිය.තවත් වරක් සෙමෙන් තට්ටු කලද හිස එසෙව්වේ කන්සාය් නොවේ... ඇයට නැවතත් තට්ටු කිරීමට බියක් සිතුනු නිසා අමායා
කළු ලෑල්ල දෙස බලා සිටියාය.. මහත් කම්මැලි කමක් දැනුනු නිසා ඇය කකුල් දෙපසට වනමින් ඔහේ එහෙ මෙහෙ බලා සිටියාය. කම්මැලි කමක් දැනුනු විට කකුල් දෙපසට වැනිම අමයාගේ පුරුද්දක් විය. ඇගේ කකුල් සෙලවීම නිසා ඔවුන්ගේ පෝලිමේම ඩෙස්කු එහෙ මෙහෙ සෙලවෙන්නට විය..
ටික වෙලවකින් කන්සාය් යකා ගැහුවා සෙ නැගිට්ටාය....ඇබුල් වූ මුහුණින් යුතුව කන්සායි අමායා දෙස බැලුවාය...

"තමුසෙට අත පය තියන් ඉන්නම බැරිද?"

"මේ ඇ ඇයි කන්සායි... මම මොකවත් කලේ නැනේ...." අමායා ඔලුව කසමින් ඇසුවාය.

"කකුල් වනවන්න එපා... ඉස්සෙල්ල ඇගිල්ලෙන් ඇන්න.. දැන් ඩෙස් හොලවන්නේ.. දැන් නින්දත් කැඩුන "
යයි කියූ කන්සායි ඩෙස්කකුවේ ඇද තිබු කුරුටු බලි දෙස බලා සිටියාය.

අමායාට කන්සායි ගෙන් සමාව ගැනීමට වුවමනා විය.. ඇය සෙමෙන් සෙමෙන් කන්සාගෙ කන ලගට පාත් වුනාය. කන්සායි ඩෙස්කුවේ කුරුටු ගී බලමින් සිටි නිසා ඇය අමායා තමාට ලංවෙනවා නුදුටුවාය.කන ලගටම ලං වූ අමායා "තැන්ක් යු කන්සා " යයි පැවසිය... කුරුටු ගී බලමින් සිටි කන්සායි තප්පරයකට ගල් ගැසුනාය. ඇය මදක් ඔලුව ඔසවා ඉදිරිය දෙස බැලුවාය.. ඇහිපිය සෙමින් කිහිප වාරයක් ගැසූ ඇය
"මම කන්සා නෙවේ "
යයි කියා අහක බලාගත්තාය. අමායා එයින් මදක් කනස්සලට පත් වුවද කන්සායි යනු කවුරුද යන්න හොදින් දන්නා නිසා එය අමතක කර දැමුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now