රන් සමනල්ලු 22

533 69 33
                                    

මුළු හවස් වරුව පුරාම කන්සාය්ට වෙන වැඩක් නොතිබු බව අමායා දුටුවාය. අලුතෙන් රැගෙන ආ බළල් පැටවා සමග හුරතල් වීම හැර හෙට දවසට විශ්ව විද්‍යාලයට යාමට සුදානම් වීමක් හො මග හැරුණු පාඩම් ලිවීමට ඇයට නම් ගානක් වත් තිබුනේ නැත. සැහෙන දවසකින් කන්සාය් සතුටෙන් සිටිනු දැකීම නිසා අමායා ඇයට බාදා නොකලාය. කන්සායිගෙ වැඩ පොත් වල අඩුපාඩුද සම්පුර්ණ කල අමායා රාත්‍රී ආහාරය සැකසීමට කුස්සියට ගියාය..

"ළමයෝ මොනවද රැට අපි කන්නේ " අමායා කුස්සියෙ සිට විමසුවාය..මද වෙලවක් ගියද අනෙක් පසෙන් පිළිතුරක්‌ නොලැබුණි. අමායා නැවතත් කතා කලාය.

"කංසා රැට මොනවද කන්නේ මෙන්න මෙහෙ එන්න මට උදව් කරන්න බලලෙක් එක්ක උදේ ඉදන් " අමායා තරහෙන් කෑ ගැසුවාය.

මද වෙලාවකින් පසු කන්සාය් බළල් පැටවාත් මුණට උර මත හොවාගෙන ආවාය.

"උයමු හී " කන්සාය් පොඩි එකෙක් මෙන් හිනා වෙමින් කීවාය.

"ඕකව පැත්ත කින් තියලා එන්න "

කන්සාය් බළල් පැටවාව කෑම මේසය මත තැබුවාය.

"ඊඊඊඊඊඊඊ.. ඔකේ තියන්න එපා.." අමායා කැ ගැසුවාය.

"අනේ.... එයා හිටපු දෙන්.. මට එයා නැතුව හුස්ම ගන්න බැ අනේ" කන්සාය් බැගෑපත් ස්වරයෙන් කීවාය .

"මේක අපි කන කෑම මේසේ "... අමායා විරෝදය පාමින් කීවාය.

"ඉතින් මෙයත් දැන් අපෙනේ... අපේ බබා " කන්සාය් බළල් පැටවාගෙ හිස සිපගනිමින් කීවාය.

"මට ලුණු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ " අමායා කන්සාය්ගෙ කැමැත්තට ඉඩ දෙමින් කීවාය.
ලුණු ගෙඩිය ගෙන ඒමට පෙර කන්සාය් බළල් පැටවා සිපගත්තාය.. නැවත ලුණු ගෙඩිය ගෙන එන ගමන් තවත් වරක් සිප ගත්තාය. පිහිය ගැනීමට බළල් පැටව ලගින් යන විට නැවත සිපගැනීමක් එන විට නැවත එකක් බාජන රැගෙන යන විට එකක් එන විට එකක් ලෙස කන්සාය් බළල් පැටවා ලගින් යන සෑම විටම ඌව සිප ගනී.

"ඕම ඉබින්නකෝ... ලෙඩක් හදාගන්න.. අනේ ඇත්තටම මටත් පිස්සුනේ මෙයට මේ බළල්ලු ගෙනත් දීලා... ශුශ් " අමායා ඔලුව දෙපසට වනමින් ලුණු කපන්නට ගත්තාය.ටික වෙල්වකින් කන්සායි පිටුපසින් පැමිණ අමායාව වැලද ගත්තාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now