රන් සමනල්ලු 18

722 82 128
                                    

හවස ගමනට අවශ්‍ය සියලු කළමනා ආදිය රැගෙන අමායා හා කන්සායි ගමන පිටත් වීය. ගෙහිමි නිමලා මහත්මිය සතුව කාරයක් තිබු අතර ඕ එය කන්සාය්ට හා අමායාට දීමට කැමැත්ත පල කළාය. කන්සාය්ට වාහන පැදවීමට හැකි නිසා ඇය එය පදවා ගෙන යාම බාරගත්තාය. පිටුපස ආසන වලට බඩු ඇදුම් ආදිය පටවා ගත් කන්සාය් හා අමායා ගමන පිටත් වුහ. ප්‍රථමයෙන් පේරාදෙණිය මල් වත්ත දැක බලා පසුව ඩෙවොන් තානායම බලා යාම ඔවුන්ගේගෙ අරමුණ වීය.
ඔවුන් පළමුව ලගින්ම පිහිටී මල් වත්ත වෙත ගියහ. එහි ගොස් පින්තුර කිහිපයක්ද ගත් හවස 5 පමණ මල් වත්තෙන් පිටව ඩෙවොන් තානායම කරා පිටත් වුහ.

"අමා.. ගෙදරින් පෙන් ඩ්‍රයිව් එකක්වත් ගෙනාවේ නැද්ද.. මට නින්ද යය් මෙම ගියොත් " මද දුරක් වාහනය එලවූ පසු කන්සාය් කීවාය.

"අහ්හ් ඔව් එකක් ගෙනාව.. මේ ක්ලැරන්ස් ගෙ එවයි මිල්ටන්ගෙ එවයි තියන එකක්.. ඔයා අහන්නේ නැද්ද දන්නේ නැ කියලා හිටියෙ.." අමායා කබී හෝල් එක අවුස්සමින් කීවාය.

"පිස්සෙක්ද දානවකෝ.. මාව නිදිමතේ මැරෙන්න එනවා.. කෝ දාන්න දාන්න "

පෙන් එකා ප්ලේ කිරීමෙන් පසු ඔවුන් ඔවුන්ද එ ගීත කියමින් ගමන් කිරීමට පටන් ගත්තොය..

නුවර වැව ලගින් යන විට හොදටම හවස් වී තිබිණි. අහස විවිධ වර්ණයේන් පැහැ ගැන්වී තිබිණි.

කන්සය් වාහනය එක්‌ කොනක නවතා අමායා සමග නුවර වැවේ අසිරිය මදක් බැලීමට නතර වුහ.

හවස් වරුව නුවරට ගෙන දුන්නේ සිසිල් සුවයකී. අමායා එයට මහත් ප්‍රිය කලාය.. පෙනහළු පිරෙන ලෙස හුස්මක් ගත් අමායා එය සෙමෙන් සෙමෙන් වින්දාය.. නුවර බැම්මට හේත්තු වූ ඇය ඈත පෙනෙන සීනිගම දේවාලයේ ජලයට වැටුණු චායාව දෙස බලා සිටියාය. ඈතින් දළදා මාලිගාවේ තේවා හඩ ඇසිනි.. දළදා මාලිගාවේ පත්තිරිපපුව ඈතින් පෙනිණි.. මේ නිසා සිතට පැමිණියේ පහන් හැගීමකි... තවත් දිනක කන්සාය් සමග දළදාව වදින්නට යා යුතු යයි අමායා සිතුවාය. අමායා සිතිවිලි බිදිමින් පිටිපස්සෙන් ක්ලික් හඩක් නැගිණි. අමායා පිටුපස බැලුවාය. කන්සාය් කැමරාවද එක් ඇසක තබාගෙන තමා දෙස බලා සිටි.. සුදු පැහැති අත් නැමු ෂර්ට් එකත් සුදු දිගු කලිසමත් සමග කළු පැහැති කැමරාව තබාගෙන තමා දෙස බලා සිටින කන්සාය් කෙතරම් හැඩ දැයි අමායා කන්සාය් දෙස බලමින් කල්පනා කලාය. ඇගේ කොණ්ඩය එහෙ මෙහෙ නැටීමෙන් කන්සාය්ට එකතු කලේ තවත් ආකර්ෂනීය බවකි.ඇය දෙස බලා සිටින අතර තුර ක්ලික් හඩින් තවත් එකක් කන්සාය් විසින් ගෙන නැවත එ දැහැනත් බිද දැමුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now