රන් සමනල්ලු 24

512 65 37
                                    

කන්සාය් විසින් ඉරා පොඩි කර දැමූ කැලෑ පත්තරයේ දසත විහිදී ගිය කොළ කොළ කැබලි දෙස බලමින් අමායා සිටි අමායා තවමත් සිටියේ පියවි සිහියෙන් නොවේ... පෙර දිනයේ මැයි ගස යට සිටින විට අතු කැඩෙන ශබ්දයක් ඇසුනේ එසේ නම් එ චායාරූපයෙහි අයිති කාරයා වීය හැකි යයි ඇය අනුමාන කලාය...

"කොමද කොමද  අහ්හ්". ඉරා ගුලි  කල කඩදාසි ගුලියකට ගසමින් කන්සාය් තනියම කියෙව්වාය.ටික වෙලාවකින් එතනට පිරිමි ළමයි  දෙදෙනෙකු ආවේය. එ නිලුපුල් සහ ලවන් ය

"අහ්හ් කොමද පනහ්හ් ඔයා ලෙස් කියලා දැනන් හිටියේ නැ මම. කවුද දන්නේ ඔයා කෙල්ලන්ට කැමති කියලා " අත් දෙකත් සාක්කුවට රුවාගෙන ලවන් අමායා ලගට ලං වී කියා මහා හඩින් හිනා වුනේය.

"ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න ප්ලීස්... මේක ඔයාට අයිති ප්‍රශ්නයක් නෙවේනේ " කන්සාය් අමායා ඉස්සරහින් හිට ගනිමින් කීවාය.

"ඕඕ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද.... හ‍රි හ‍රි තරහ සදාරනයි.. හහ් " ලවන් කට කොනකට හිනා වෙමින් කිවේය.
"මෙච්චර කාලයක් මගේ මෝඩ මොලේට තේරුනේ නැ ඇයි ඔයාලාගෙන් එක්කේනෙක් වත් ඇයි මට කැමති වෙන්නේ නැත්තේ කියලා.. දැනුයි තේරෙන්නේ.. අය්යෝ පොඩ්ඩක් මෝඩයි මේ ලවන්... " ලවන් ඔලුව දෙපසට වනමින් නළල පිරිමදිමින් උපහාසයෙන් කිවේය.

"මෙයාල අපේ කැම්පස් එකටත් මහා ලැජ්ජාවක්... ජරාවක් තොපි.... බලපන් ඕම කෙල්ලෝ දෙන්නෙක් එකට ජිවත් වෙන්නේ කොමද කියලා... " පසෙක සිටි නිලුපුලුත් කතාවට සම්බන්ද වීය.

"ඔව් සහෝ.... බලපන් ඕයි... මහ බමා ගැනු පිරිමි කියලා දෙගොල්ලක්‌ හැදුවේ ඇයි බලපන්.... උන් දෙගොල්ලො සෙට් වෙන්න ඕනි නිසා... මුන් මහ බමා මිනිස්සු මවල ඉතුරු වෙච්ච ඒවායින් හදපු බඩුද බං " ලවන් නිලුපුල්ගෙ කරට අතකුත් දමාගෙන දෙදෙනාම මහා හඩින් හිනා වෙමින් කිවේය.

"මහ බමාගෙ කතාවක් මම දන්නේ නැ බල්ලෝ... ඒත් ඒම අය මේ ලෝකේ ඉන්නවා..ආදරේ කරන එක වරදක්ද මිනිහෝ... මම අහන්නේ.... එක ලොකු වැරද්දක් නම් උබලත් කරන්නේ වැරදි වැඩනේ... හැම දේටම හේතුවක් තියනවා. අපි වගේ අය හැදෙන්නේ DNA වල කේස් එකක් නිසා.." අමායා තරහෙන් කෑ ගැසුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now