රන් සමනල්ලු 20

597 66 48
                                    

පලමු වසරේ විබාග අවසන් වීමෙන් පසු ලැබුණු ලැබුණු නිවාඩුව අවසන් විමෙන් පසු කන්සාය් නැවතත් විශ්ව විද්‍යාලයට යාම සදහා නිමලා මහත්මියගේ නිවසට ආවාය.. ඇය සමග කතා කිරීමට කිසිදු වුවමනාවක් නොවුවද සදාචාර සම්පන්න නොවන බැවින් ඇය සමග වචන දෙකක් කතා කල කන්සාය් වහාම උඩුමහලට වැදුනාය.. තවමත් අමායා පැමිණ නැති නිසා පාලු ස්වබාවයක්‌ ගෙන තිබුනේය.හදවතට දැනුනු වේදනාව තවත් දරාගත නොහැකි තැන ඒවාට නිදහසේ ගාලා යාමට කන්සාය් ඉඩ දුන්නාය.... ඊයෙ මුළු දිනයක් හඩාත් එය තවත් වලක්වන්නට නොහැකි වීම තමාගේ දුර්වල කමක් ලෙස කන්සාය් සිතුවාය. ඇය ඇදේ ඉදගත්තා නොව ඇදට ඇද වැටුනාය.සිවිලිම දෙස මද වෙලාවක් බලා සිටි ඇයට පහල හරකෙක් එන්නේ යම් සේද එසේ පඩිපෙළ නගින අමායාගේ අපිළිවෙල පියවර හඩ ඇසිනි. වහා කදුළු පිසදා ගත් කන්සාය් අමයාට නොපෙනෙන ලෙස අනෙක් පස බැලුවාය. අත් දෙක ගුලි කරගනිමින් ඇදේ මදක් මදක් වකුටු වූ ඇය නිදා සිටින අයෙක් මෙන් රගපැවාය.. අමායා කාමරයට එන හඩ  ලග ලගම ඇසුණු නිසා දෑස් පියගෙන කන්සාය් එලෙසම සිටියාය. අමායා කාමරයට පැමිණ බඩු මලු තබන හඩ තමා දෙසට ඇවිද එන හඩ දෑස් පියාගෙන සිටි කන්සායිට ඇසිනි.තමාගේ හිස කෙස් අතර අමායාගේ සිනිදු අත එහෙ මෙහෙ යනු කන්සාය්ට දැනිණි.

"අනේ.. පොඩි ළමයෙක් වගේ... චුටි කංසා පැටිය.. දෙය්යන්නේ කියූට් කන්න හිතෙනවා බුත පැටියෝ.... ශ්ශ්ශ්ශ්.... එයා නිදි.. අනේ " යයි අමායා ඇයටම කොදුර ගන්නා හඩ කන්සාය්ට ඇසිනි. ඇය සෙමෙන් සෙමෙන් තමාගේ කොපුල මත ඇගේ අත ගෙන යනු කන්සායි දැනිණි.

"ම්ම්ම්... ඇයි කම්මුල් මෙච්චර සිතල මෙයාගේ.... ලාවට උනත් වගේ නේද..." අමායා ඇයටම කොදුරා ගනී.

"කංසා.. කන්සෝ... නැගිටින්නකෝ බබා.. මොකද මෙ... ඔයාට උන වගේ බෙහෙත් ගත්තේ නැද්ද ළමයා.. කංසා චුටි.. නැගිටින්නකෝ...." අමායාගේ කැ ගැසීම කෙළවරක් නැති නිසා කන්සාය් ඇස් දෙක හැර ඇදේ නිදගෙනම අමායා දෙස බැලුවාය... ඇය විකශිප්ත දෑසින් කන්සාය්ගේ මුහුණට එබී සිටියාය.බලා සිටියදීම අමායාගේ දෑස් විශාල වීය.

"මොකද මෙ වෙලා තියෙන්නේ ඇස් දෙක ගොරක මද වගේ රතු වෙලා..මොකද උනේ " අමායා ඇසුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now